Gossip

“සමහර පිරිමි අපට හොඳටම වධ දෙනවා.. සමහරු කකුලෙන් ගහනවා. ඒත් ලැබෙන සල්ලි ගැන හිතලා නොමැරී ජීවත් වෙන්න ඕන නිසා ඉවසනවා.”

ගණිකා වෘත්තිය කියන්නේ මෙරට තුල පමණක් නෙමෙයි ඕනෑම රටක ඉතා සංවිධානාත්මක විදිහට ක්‍රියාත්මක වන ව්‍යාපාරයක්. ගණිකා වෘත්තිය අපේ රටේ දුරකථන මඟින් සම්බනධවන ගණිකාවන්, වීදි ගණිකාවන් හා හෝටල් වල ඇණවුමට විකිණෙන ගණිකාවන් විදිහට දකින්න ලැබෙනවා. නමුත් බොහෝ දෙනෙක් විශ්වාස නොකරන විදිහට ගණිකාවන් පෙනී ඉන්න තවත් ක්‍රමයක් ගැන  සමාජ සමීක්ෂණයකින් හෙළි කරගෙන තිබෙනවා.

ඒ ගැබිණි කාන්තාවන් ගණිකාවන් විදිහට කටයුතු කිරීමයි.

ගණිකා වෘත්තියෙහි යෙදෙන කාන්තාවන් අනවශ්‍ය ගැබ් ගැනීමකට නොයා තම රස්සාව රැකගැනීමට තිබූ වුවමනාව නිසා මෙවැන්නක් කරනවා කියලයි පැවසෙන්නේ. කොහොම නමුත් ගැබිණි කාන්තාවන් වැඩි වශයෙන් ගණිකා වෘත්තියේ යොදවන්නේ නුගේගොඩ, රාජගිරිය, මරදාන, වැල්ලවත්ත, ගල්කිස්ස යන ප්‍රදේශ ආශ්‍රිතවයි.

මෙහිදී පූර්ව ගැබිනි කාන්තා (ගැබට මාස 2ක් හෝ 3ක්) මධ්‍ය ගැබිනි කාන්තා (මාස 4-6) මහා ගැබිනි කාන්තා (මාස 7-8) ලෙස වර්ගීකරණය කරන බවත් ඒ අනුව ඔවුන්ට ලබා දෙන මිල තීරණය වන බවත් පැවසෙනවා.
රූපයත් බලපාන අතර පූර්ව ගැබිනි කාන්තාවකට නියම වන මිල රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලක් ලබා දේ. ගැබට මාස 5ක් 6ක් ඉක්මවූ ගැබිණියන් අලෙවි වන්නේ 20,000ත් 25,000ත් අතර මිලකටයි. ඒ වගේම ගැබට මාස 7-8 හෝ ඊට වැඩි මාස ගණනක් ගතවූ ගැබිණි කාන්තාවකට රුපියල් 35,00කට ආසන්න මුදලක් ලබා දෙන බවත් සදහන් වෙනවා.

“චුටි පුතා කියන්නේ මත්ද්‍රව්‍ය වලට හුරු වුණු පුද්ගලයෙක්. ගණිකා වෘත්තිය පවත්වාගෙන යන ස්ථාන ගැන ඔහු හොදින් දන්නවා. ගණිකාවක් අවශ්‍ය පුද්ගලයින්ව මොහු ඒ තැන්වලට යොමු කරන බවත් එවිට කැමති ගැබිණි කාන්තාවක් එක්ක සේවය ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් පැවසෙනවා. මෙසේ ගණිකාවන් වී ඇති කාන්තාවන් ගණිකා වෘත්තිය නිසාම ගැබිණි වූ අය නොවන අතර තම ස්වාමිපුරුෂයා නිසා ගැබ් ගත් අයයි.

“සමහර පිරිමි අපට හොඳටම වධ දෙනවා. සමහරු කකුලෙන් ගහනවා. ඒත් ලැබෙන සල්ලි ගැන හිතලා නොමැරී ජීවත් වෙන්න ඕන නිසා ඉවසනවා.” එහෙම කියන්නේ ගැබිණි ගණිකාවක්.
කුසේ සිටින දරුවා ගැන නොසිතා ඔවුන්ට මුදල් වෙනුවෙන් මෙසේ හැසිරීමට සිදුව තිබෙන බවයි ඔවුන් පවසන්නේ.
මෙහිදී ඇතැම් කාන්තාවන් හොඳින් මුදල් උපයාගෙන ගැබ් ගෙන කුසට මාස පහ හයක් වූ පසුව හිතා මතාම දරු ගැබ ගබ්සා කරගන්නා බවත් තොරතුරු වලින් හෙළි වෙලා. එපමණක් නෙමෙයි දුප්පත් මෙන්ම පොහොසත් පවුල්වල කාන්තාවන්ද මේ සදහා ඉදිරිපත් වන බවයි ධම්මික  මහතා සිදු කරන ලද පරීක්ෂණ වලින් හෙළි වෙලා තිබෙන්නේ.

උපුටගැනිමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!