Gossip

“සමහර ඥාතීන් කතා කරලා ඇයි හොරෙන් බැන්දේ කියලා අහලා මට බැන්නා.? ආදරය කරනවා.. අපි කසාඳ බැන්දේ නෑ..” – Photos

නුවන් ගුණවර්ධනගේ පුතා ගයාන් ගුණවර්ධන මේ දිනවල ජනප‍්‍රිය නිළියක වන පූජනී භාග්‍යා වැඩි සද්ද බද්දයක් නැතිව කසාද බැඳලා. පසුගිය දවස් ටිකේම සමාජ මාධ්‍ය කළඹවපු මාතෘකාව. ඇත්තටම මේ කතාව ඇත්තදක්ද?. එතකොට මොකක්ද මේ ෆොටෝ ෂූට් එකේ තේරුම. එ් ප‍්‍රශ්න සියල්ලටම උත්තර ගයාන් සහ පූජනීගෙන් අහලා දැනගමු.

* ගයාන් මොකක්ද මේ වැඩි සද්ද බද්දයක් නැතිව විවාහ වුණා කියන කතාවේ ඇත්ත නැත්ත?

වැඩිය සද්ද බද්දයක් නැතිව විවාහ වුණා කියලා සමාජ මාධ්‍යවල තමයි පළවුණේ. හැබැයි මමවත් පූජනීවත් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ. අනික අපි දෙන්නා ගේ පුද්ගලික ගිණුමකින් පවා එහෙම දෙයක් වුණා කියලා දාලා තිබුණේ නැහැ. හැබැයි එ්ත් එක්කම ගොසිප් එකක් හැදුණා. මගේ ගීතය පසුගිය 9 වැනිදා එළිදැක්වුණා. අපි විවාහ වුණා කියලා කියන්න බැහැ.

* එතකොට මේ ෆොටෝ ෂූට් එකේ ඇත්ත කතාව මොකක්ද?
ෆොටෝ ෂූට් එකක් කරන්න ගොඩක් කල් ඉඳන් සැලසුම් කරලා තිබුණේ. අපි පෙබරවාරි මාසයේ බ‍්‍රයිඩල් ෂූට් එකක් කළා. ඒකත් හරි ජනප‍්‍රිය වුණා. ලස්සන ෆොටෝ ෂූට් එකක් කළා. එ්කත් එක්කම අපිට කතාන්දරයක් හැදුණා.

* මේක ජනප‍්‍රිය වෙන්න බලාගෙන කරපු වැඩක්ද?
ජනපි‍්‍රය වෙන්න බලාගෙන කරපු වැඩක් නෙමෙයි. නමුත් අපි හිතපු නැති විදිහට ඒ වැඬේ ජනපි‍්‍රය වුණා. බ‍්‍රයිඩල් ෂූට් ඕනෑ තරම් වෙනවා. නමුත් අපි දෙන්නාගේ බ‍්‍රයිඩල් ෂූට් එක හිතපු නැති විදිහට ජනප‍්‍රිය වුණා. කට්ටිය හොයන්න ගන්න ගත්තා අපි දෙන්නා කසාද බැඳලා කියලා. මමවත් පූජනීවත් කොහේවත් සඳහන් කරලා නැහැ අපි දෙන්නා කසාද බැඳලා කියලා.

* ගයාන්ට හරියට දුරකථන ඇමැතුම් ආවා කියන්නේ ඇත්තද?
ඔව්. මට ගොඩක් දුරකථන ඇමැතුම් ආවා. කේෂ්ත‍්‍රයේ ඉන්න ප‍්‍රවීණයන්ගෙන්, නෑදෑයන්ගෙන්, යහළුවන්ගෙන් දුරකථන ඇමැතුම් ගලාගෙන ආවා. සමහරු අමනාප වෙලත් හිටියා. සමහර ඥතීන් කතා කරලා ඇයි හොරෙන් බැන්දේ කියලා අහලා මට බැන්නා. මමවත් එහෙම කිසිම තැනක සඳහන් කළේ නෑ. නමුත් මටත් හිතාගන්න බැහැ මේ කතාව මෙච්චර දුරදිග ගියේ ඇයි කියලා.

* මේ වැඬේ කලේ ගීතය ජනප‍්‍රිය කරගන්නද?
අපොයි එහෙම නැහැ. ගීතය ජනපි‍්‍රය කරගන්න නෙමෙයි මේ වැඬේ කළේ. ගීතයට කිසිම සම්බන්ධතාවයක් බ‍්‍රයිඩල් ෂූට් එකේ නැහැ. හැබැයි හැමදේම ලස්සට වුණා. මේ අවුරුද්දේ ඇත්තටම කසාද බැන්ද තරුවලට වඩා අපි දෙන්නාගේ බ‍්‍රයිඩල් ෂූට් එක හරි ජනප‍්‍රිය වුණා.

* කොරෝනා වසංගතයෙන් පසුව ඔබව ශල්‍යකර්මයකට භාජනය කළා කියන්නේ ඇත්තද?
ඔව්. කොරෝනා වසංගතයෙන් පසුව මාව ලොකු ශල්‍යකර්මයකට භාජනය කළා. මාස එක හමාරක් විතර මම ඇදේමයි හිටියේ. ඊට පස්සේ මට පොඩි පසුබෑමක් ඇතිවුණා. ජීවිතයේ ලොකු ප‍්‍රශ්නයකට මුහුණදුන්නා. ලොකු කඩඉමක් පසුකළා කියලා කියන්නත් පුළුවන්. මගේ ප‍්‍රශ්න විසඳුනාට පසුව තමයි මගේ බ‍්‍රයිඩල් ෂූට් එකයි ගීතයයි එළිදක්වන්න පුළුවන් වුණේ. එ් දෙකම අද අතිශයින්නම ජනප‍්‍රියවුණා.

* ඇත්තම මොකද වුණෙ?
ඇත්තම මම හිතුවේ 2020 වසර හරි අවාසනාවන්ත අවුරුද්දක් කියලා. මොකද ගිය අවුරුද්දේ බෝම්බ ප‍්‍රශ්නත් එක්ක අපිට හරියට ප‍්‍රසංගයක් පවා කරගන්න බැරිවුණා. ඊට පස්සේ කොරෝනා ප‍්‍රශ්නය ආවා. මම තාත්තයි පුතයි ප‍්‍රසංගය මේ අවුරුද්දේ කරන්න හිටියේ. එ්ක කල්දාන්න වුණා. මට වගේම තාත්තාටත් විදෙස්ගත ප‍්‍රසංග නැතිවුණා. සෑහෙන කඩාවැටිලා ඉන්න අවස්ථාවක මට අනපේක්ෂිත ලෙස ජීවිතයේ ලොකු ශල්‍යකර්මයකට මුහුණදෙන්න බැරිවුණා. එ්ක ඇත්තටම හිතාගන්න බැරි අවස්ථාවක තමයි සිද්ධවුණේ. මේකට මුහුණදිලා මගේ වැඩ මාස එකහමාරක් පස්සට දාලා හිටියේ. කිසිම කෙනෙකුට මම මේ කතාව කිව්වේ නැහැ. මගේ ළඟම පිරිස විතරයි එ් දේවල් දන්නේ. යළි මම ආපහු සුපුරුදු විදිහට වැඩ. 2020 මට සිද්ධවුණ බාධාවල් මම අභියෝගයක් විදිහට භාරගෙන අලූත් විදිහට හිතලා වැඩ කරන්න පටන්ගත්තා.

පූජනී භාග්‍යා

කතාබහට ලක්වෙන්න ඕනෑ කියලා අදහස් කරලාද මේ ෂුට් එක කළෙ ?
ගියවරත් අපි ෆොටෝ ෂූට් එකක් කළා. එ්කත් ලොකු කතාබහට ලක්වුණා. අපි හිතුවෙත් නැහැ ඒ තරම් ඒ ෂූට් එක ජනපි‍්‍රය වෙයි කියලා. මෙවර ෂුට් එකත් අපි හිතපු නැති විදිහට කතාබහට ලක්වුණා. හැබැයි ඔය කියන විදිහේ සැලසුමක් ඇතිව කරපු දෙයක් නෙමෙයි.

* ගොඩක් දෙනෙක් කිව්වේ පූජනීත් විවාහ වෙලා කියලා ? එහෙම දුරකථන ඇමැතුම් එහෙමත් ආවා නේද?
මුහුණුපොතේ ගන්නම දෙයක් නැතිව තිබුණේ. සමහරු අපිට සුභපැතුම් පවා එකතු කරලා තිබුණා. තවත් සමහරු කියන්නේ නැතිව කසාද බැන්දා කියලා තරහාවෙලත් තිබුණා.

* කේෂ්ත‍්‍රයේ අය එහෙම කතා කළේ නැතිද?
කේෂ්ත‍්‍රයේ අයත් කතා කළා. ළඟම ඉන්න යාළුවෝ පවා කතා කළා. කේෂ්ත‍්‍රයත් හිතුවේ අපි ඇත්තටම කසාද බැන්දා කියලා.

* ගයාන්ගෙන් ඇත්තටම ආදර යෝජනාවක් ආවොත් ?
මෙහෙමයි. කැමැතිවෙන්න පුළුවන්. එහෙම වැරැුද්දක් නැහැනේ. මගේ හොඳම යහළුවානේ.

* දැනට ගයාන්ගේ පෙම්වතිය නෙමෙයිද?
ගයාන්ගේ පෙම්වතිය නෙමෙයි. නමුත දැනට එ් හා සමාන ඔහුට උදව් කරගෙන ඉන්නවා. අපි දෙන්නා එකතුවෙලා ගොඩක් වැඩකරගෙන යනවා.

* ගොඩක් දෙනෙක් කියන්නේ ගයාන් පූජනී හොරෙන්ම පෙම් කරනවා කියලා ?
මෙහෙමයි. ආදරය කරනවා. මගේ ළඟ ඉන්න සහෝදරයානේ. ඒක ඔවුන් හිතන විදිහේ දෙයක් නෙමෙයි.

* සහෝදර බැඳීම ඊට එහාට යන්න බැරිද?
ඇත්තටම සහෝදරයෙකුටත් වඩා එහාට ගිය බැඳීමක් තමයි. එයින් අදහස් කරන්නේ ඒකම නෙමෙයි.

* කේෂ්ත‍්‍රයේ හොඳම යාළුවා කවුද?
ගයාන් තමයි හොඳම යාළුවා.

* ඔහුට ඕනෑම ප‍්‍රශ්නයක් කියනවාද?
ඕනෑම ප‍්‍රශ්නයක් කියනවා.

* කේෂ්ත‍්‍රයේ දේවල් කතාබහ කරන්න විශ්වාසවන්තම කෙනා ගයාන්ද?
ඔව්. විශ්වාසවන්තම කෙනා ගයාන්.

* ගයාන් වගේ ගායනයට එන්න අදහසක් නැතිද?
මම ඇත්තටම ගායනයට දක්ෂ නැහැ. පුළුවන් දේ පුළුවන් කියන්න ඕනෑ. බැරි දේ බැහැ කියන්න ඕනෑ. ජීවිතයේ පළමු වතාවට කාට හරි ඇහෙන්න සින්දුවක් කියන්න තිබිලා එ්කත් වැඩසටහනකදී සිද්ධවුණ දෙයක්. ඒ වෙලාවේත් ගයාන් අයියා තමයි මට උදව් කළේ.

* ගෙවීගිය කාලය ගැන ආපසු හැරී බැලූවොත් ?
නිහතමානී සතුටක් තියෙනවා. ගොඩක් හෙමින් ආපු ගමනක් මේක. එ් වගේම මට කේෂ්ත‍්‍රයේ කට්ටියගෙන් ගොඩක් ලොකුවට උදව් ලැබිලා නැහැ. කාගේවත් කතාවක් අහලත් නැහැ. කාටවත් නරකක් කරලා ආපු ගමනක් නෙමෙයි මේක.ඉතිං කාටවත් මට එ් ගැන ඇගිල්ලක් දික් කරන්න බැහැ.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!