Gossip

සන්ෂයින් සුද්දා ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස හැඳින්වෙන අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් සන්සයින් සුද්දා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඔහු, එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන “ටින්කර ලසන්ත” ගමන්කළ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා බව සඳහන් වෙයි.

සැකකරු තඹුත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව “මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය” පැවසීය.

සැකකරු සන්තකයේ තිබූ ත්‍රිරෝද රථයක්, ජංගම දුරකථනයක් සහ මුදලින් රුපියල් 102,000ක මුදලක් පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 43ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!