Gossip News

සතොසින් භාණ්ඩ online ක්‍රමයට

මහජනයා වෙලදපොලට එක්‍ රැස්වීම වැලක්විමේ ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස සතොස මගින් ඔන්ලයින් ක්‍රමයට නිවෙස් වලට ඉල්ලුම් කරන භාණ්ඩ යැවීමට හා එලවලු ඇතුළු අවශ්‍ය දේ කුඩා ලොරි මගින් නිවෙස් අසලටම යැවිමේ කටයුතු යොදා ගෙන යන බව කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න අරුණට පැවසිය .

ඇදිරි නිතිය පවතින මොහොතේ චුන් පාන් වාහන වැනි දේ ගම්වලට හා මහල් නිවාස සංකිර්ණ වෙත යැවීමට ද තිරණය කර ඇත .

සිවිල් ආරක්ෂක බලකායද මේ සදහා කැදවිමට පියවර ගෙන ඇත .

මෙමගින් ජනතාව වෙලදසැල් අසල එක්‍ රැස් විම වලකා කොරෝනා වයාප්ත විම වැලක්විමට බලදාරින් පියවර ගෙන ඇත .

කඩුවෙල නගරාධිපති හා ප්‍රාදේශීය ලේකම්වරියගේ මගපෙන්වීම මත ඔන්ලයින් ක්‍රමයට නිවෙස් වලටම ඇණවුම් කරන භාන්ඩ රැගන ගොස් දීමට සතොස මගින් ලබාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරවීමට නියමිත ය.

මෙය කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශ වලටද ක්‍රියාත්මක කිරිමට අවධානය යොමුකර ඇත .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!