Gossip

ශුක්‍රාණු දීලා iPhone එකක් ගන්න ඔබටත් පුළුවන් – සියලු විස්තර මෙන්න

අලුත් iphone ජංගම දුරකථනයක් හිමි කරගැනීමට බොහෝ අය සිහින දකිනවා. ඒක ලෝකයේ ගොඩක් දෙනෙක් අතර තියෙන සිහිනයක් බවට පත්වෙලා. ඉතින් චී‍නයේ තරුණයිනුත් මේ iPhone වලට දක්වන්නේ දැඩි කැමැත්තක්.

පසුගිය දවස්වල මේ වෙනුවෙන් ශරීරයේ කොටස් පවා විකුණපු චීන තරුණයන් ගැන අහන්නට දකින්නට ලැබුණා. ඉතින් චීන තරුණයන්ගේ මේ iPhone සිහිනය සැබෑ කරගන්න අපූරු වැඩක් ක්‍රියාත්මක කරලා තියෙනවා.

ඒ චීනයේ ඇති ෂංග්හයි ශුක්‍රාණු බැංකුව විසින්.

අදාළ ශුක්‍රාණු බැංකුව චීනයේ ජනප්‍රිය සමාජජාල වෙබ් අඩවියක් හරහා දැන්වීමක් පළකර කියා ඇත්තේ “දැන් ඔබට වකුගඩු විකිණීමට අවශ්‍ය වන්නේ නෑ. ෂංග්හයි ශුක්‍රාණු බැංකුව ඔබේ iPhone සිහිනය සැබෑකරන්න සුදානම්” යනුවෙනුයි. බැංකුව විසින් මෙලෙස ශුක්‍රාණු පරිත්‍යාග කරන්නන් අතරින් තෝරාගත් තරුණයින්ට iPhone නවතම ජංගම දුරකථනයක් දිනා ගැනීමට මෙමගින් අවස්ථාව සලසා දී තිබෙනවා.

iPhone උන්මාදයෙන් සිටින චීන තරුණයන් අතර මෙම දැන්වීම ඉතා වේගයෙන් පැතිරී ගිය අතර බොහෝ තරුණයින් මේ සදහා දැඩි උනන්දුවක් දක්වා තිබුණා. ඒ අතරින් ශුක්‍රාණු දායක කරගැනිම සදහා තේරීපත් වුණ අයට ලංකා මුදලින් රු. 130,000 ක පමණ මුදලක් ලබා දීමට ශුක්‍රාණු බැංකුව සුදානම්ව සිටිනවා.

මේ කටයුත්ත ඉතා සාර්ථක ලෙස සිදුවන බව ෂංග්හයි ශ්‍රක්‍රාණු බැංකුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කල අතර ඔවුන්ට මෙවැන්නකට යොමු වීමට සිදුවු හේතුවත් පැහැදිලි කලා. ඔහු පවසන ආකාරයට චීනයේ ජෝඩු 1000 කින් 10 දෙනෙක්ම නිසරු බවෙන් පෙළෙන අතර ඔවුන්ගේ අවශ්‍යතාවයට තරම් බැංකුවල ඇති ශුක්‍රාණු සංචිත ප්‍රමාණවත් නොවන්නේ, තරුණයින් ශුක්‍රාණු දායක කිරීමට වැඩි කැමැත්තක් නොදක්වන නිසා බවයි. ඒ නිසා සමාජජාල වෙබ් අඩවි තුලින් තරුණයන් මේ සදහා පොළඔවා ගැනිමට ඔවුන්ට සිදුවු බවයි ඔහු පවසා තිබෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!