Gossip

ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයකට ඊයේ (17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

සිදු වූ සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හඳුන්වනු ලබන අතර සයිබර් ප්‍රහාරයට වෙබ් අඩවි පහකට ආසන්න සංක්‍යාවක් ගොඳුරුවී ඇති බවට එම සංගමයට තොරතුරු වාර්තා වී තිබේ.

මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට සිදුවන සයිබර් ප්‍රහාරයක් වන අතර වෙබ් අඩවි පවත්වා ගෙන යනු ලබන පාර්ශවයන් විසින් වෙබ් අඩවි වල ආරක්ෂාව කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම නිසා ඔවුන්ගේ වෙබ් අඩවි සයිබර් ප්‍රහාරවලට ගොඳුරු වී ඇතැයි ඔවුන් පවසයි.

පසුගිය වසරේදී මෙලෙසම සයිබර් ප්‍රහාරයට ගොඳුරු වූ චීන තානාපති කාර්යාලයේ සහ රජරට විශ්වවිද්‍යාලයයේ වෙබ් අඩවි මේ වසරේ දී ද සයිබර් ප්‍රහාරයට නතුවී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක වෙබ් අඩවියක්ද මෙම සයිබර් ප්‍රහාරයට ගොඳුරු වී ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙතට තොරතුරු වාර්තා වු බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!