Gossip News

වෛද්‍ය පීඨ දෙකක, සිසුන් 9දෙනෙකුට කොරෝනා..

මේ වන විට රජයේ වෛද්‍ය පීඨ දෙකක ඉගෙනුම ලබන සිසුන් නව දෙනකු කොරෝනා ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වසන්ත අල්විස් මහතා පවසයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වෛද්‍ය පීඨ සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් නියාමනය කෙරෙන සියලූම ආයතන වහා අවශ්‍ය ක‍්‍රියා මාර්ගයන් ගත යුතුව ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටුව අදාළ ආයතනවලින් ඉල්ලීම් කර ඇති බව ඔහු කීවේය.

මෙම සෞඛ්‍යමය තත්ත්වයන් පදනම් කරගනිමින් ශිෂ්‍ය ආරක්ෂාව නොසලකා හැරීමට හෝ වෛද්‍ය අධ්‍යාපන කටයුතු අතපසු කිරීමට බලධාරින් කටයුතු නොකරනු ඇතැයි එම සංගම් අපේක්ෂා කරයි.

වෛද්‍ය සිසුන්ගේ සායනික කටයුතු නිසි ආරක්ෂණ ක‍්‍රමවේදයන් උපයෝගී කරමින් පවත්වා ගෙන යන ලෙසත්, අවසන් වසර සිසුන්ගේ විභාග නියමිත අයුරින් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අල්විස් මහතා කීවේය.

වෛද්‍ය අධ්‍යපනය යනු තාක්ෂණික උපකරණ භාවිතයෙන් න්‍යායාත්මක කරුණු පංති කාමර තුළින් ඉගෙන ගැනීමට අමතරව රෝගී ඇසුර හා බැඳුණු සායනික ක‍්‍රියාවලියක් වීම නිසා එම සායනික ක‍්‍රියාවලිය අන්තර්ජාල (ඔන්ලයින්) මාධ්‍ය ඔස්සේ හැදෑරිය නොහැකි බව බලධාරීන් අවබෝධ කරගත යුතුව ඇතැයිද ඔහු වැඩිදුරටත් කීවේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!