Gossip

වෛද්‍යවරියට මරු කැඳවමින් නිවසේ ඇතිවූ ගින්නට හේතුව සොයා ගනියි – සැමියා දැඩි සත්කාර ඒකකයේ

දෙහිවල බෙල්ලන්විල ප්‍රදේශයේ – ශ්‍රී සෝමරතන මාවතේ ඊයේ ඇතිවූ ගින්න ගෑස් කාන්දුවක් බවට පොලිසිය සැක පළ කරනවා.

අදාළ සිද්ධියෙන් 33 හැවිරිදි ගැබිණි වෛද්‍යවරියක් ජීවිතක්ෂයට පත්වූ අතර වෛද්‍යවරයෙකු වන සැමියා සහ පස්හැවිරිදි කුඩා පුතු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරුණා.

කෙසේවෙතත් කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූ වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පස් හැවිරිදි කුඩා පුතුගේ තත්වය බරපතල නොවන බවත්ය.

මියගිය වෛද්‍යවරිය හොරණ රජයේ රෝහලේ මීට පෙර සේවය කර ඇති අතර විශේෂඥ වෛද්‍යවරයකු වන සැමියා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරනවා.

“වෛද්‍ය යුවළ විසූ නිවෙස පැත්තෙන් කෑ ගහන හඬක් ඇහුණා. මම ඒ පැත්තට දුවගෙන යනකොට මුළු ගේම ගිනිදැල්වලින් වැහිලා තිබුණා. වෛද්‍ය යුවළ හා ඔවුන්ගේ කුඩා දරුවා ගිනිදැල්වලට අහුවෙලා ඉන්න බව දැනගත් නිසා මම ඉහළ මාලයට යන්න උත්සාහ කළත් දුමාරයයි ගිනිදලුයි නිසා යන්න බැරි වුණා. මම ඒ අය ඉන්න තැන හොයන්න කෑ ගැහුවා. නමුත් ඒ අයගෙන් කිසිම ශබ්දයක් ඇහුණේ නැහැ. ගිනි නිවන රථ ඇවිත් ගින්න පාලනය කළාට පසුව පොලිසියත් සමඟ මමත් ඉහළ මාලයට ගියා. ඒ වෙලාවෙ මම දැක්කා වෛද්‍ය යුවළ ඔවුන්ගේ කුඩා දරුවාවත් වැලඳගෙන නාන කාමරයේ වැටිලා ඉන්නවා. ඊට පසුව පොලිසියේ සහායෙන් ඒ තුන්දෙනාව කළුබෝවිල රෝහලට අරගෙන ගියා. පසුව අපට දැනගන්න ලැබුණා වෛද්‍යවරිය මියගියා කියලා” යනුවෙන් අසල්වැසියෙක් පවසා සිටියා.

දෙමහල් නිවසක් වන එම නිවසේ උඩු මහලේ ඇති වූ මෙම ගින්න පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකිරීමට නියමිත අතර බොරලැස්ගමුව පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාද එම ස්ථානයට අද පැමිණීමට නියමිතව ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!