Gossip

වෙනත් ග්‍රහලොවක පියාසර කරන පළමු ගුවන්යානය

පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහලොවක පියාසර කරන පළමු කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටරය නාසා ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත.

‘ඉන්ජෙනුයිට්’ (අක්ෂතාව) යනුවෙන් නම්කර ඇති රාත්තල් 4ක (කිලෝග්‍රෑම් 1.8) බරින් යුත් මෙම හෙලිකොප්ටරය අඟහරු ග්‍රහයා වෙත නුදුරු අනාගතයේදීම පිටත් කර හැරීමට නියමිතය. නාසා ආයතනය සැලසුම් කර ඇත්තේ අඟහරුගේ තුනී වායුගෝලය උපයෝගි කරගනිමින් මෙම හෙලිකොප්ටරය පහසුවෙන් පියාසර කරවීමටය.

කෙසේ වෙතත් රතු ග්‍රහලෝකයේ වායුගෝල තත්ත්වය මත එය පහසුවෙන් ඉදිරියට ගමන් කරවීම එතරම් පහසු නොවන බව නාසා ආයතනය පවසයි. බීබීසී ලෝක සේවයේ විද්‍යා වාර්තාකාරිනී ලෝරා ෆොස්ටර් මෙම කුඩා රොබෝ හෙලිකොප්ටරය පිළිබඳව අනාවරණය කරමින් සඳහන් කර ඇත්තේ ඉන්ජෙනුයි අභ්‍යවකාශ ගවේෂණයේ අනාගතය වෙනස් කරනු ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!