Gossip

වීදුරුව බින්දේ නායක ශකීබ් ලු – අලාභය ගෙවන්න බංග්ලාදේශය සූදානම්

පසුගියදා පැවති නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ සිදුවූ උණුසුම් වාතාවරණය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ සිදුවූ අලාභ හානි වලට වන්දි ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය කැමැත්ත පළ කර තිබෙනවා.

ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජීව ගුණයට හානි පමුණුවන ලෙස හැසිරුණු බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිය විවේකාගාරයේ වීදුරුවක්‌ කුඩු කළ බවට සාක්‌ෂි හමුව ඇති අතර ඒ අනූව ඔහු අතින් සිදුවූ එම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට සිදුවූ අලාභයට වන්දි ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය එකඟත්වය පළ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මාධ්‍යයට පවසා තිබෙනවා.

“බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය පිළිගෙන තිබෙනවා ඒ අයගෙ ක්‍රීඩකයන්ගෙ අතින් වරදක්‌ වුණා කියලා. වීදුරුව ෂකීබ් අල් හසන් බිඳ දැමුවා කියලත් ඔවුන් පිළිගෙන තියෙනවා. ඒ අනූව ඒ අය අපිට දැන්වුවා ඒ වීදුරුවේ අලාභය ගෙවීමට කැමැති බව. අපි ඉදිරියේදී ඒ සඳහා යන වියදම බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනයට දන්වනවා. මම හිතන විදිහට රු.150,000-200,000 අතර මුදලක්‌ එහි ප්‍රතිශංස්‌කරණයට වැය වේවි. නමුත් තවම අපි හරියටම ගණන් බලා නැහැ.” යෑයි ඈෂ්ලි ද සිල්වා පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ ක්‍රිකට්‌ විචාරකයන් පවසා සිටියේ ෂකීබ් අල් හසන් ඇතුළු විනය විරෝධී හැසිරුණු සියලු දෙනාට දැඩි දඩුවම් පැමිණීමට අයි.සී.සී.ය. කටයුතු කළ යුතු බවයි. නමුත් සිදුවුයේ ඔවුන්ට තරග මුදලින් 25% ක දඩයකට යටත්වීම පමණි. කිසිදු තරගයක්‌ හෝ තහනම් නොවීමද විවේචනයට බඳුන්වුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!