Gossip

විශ්වාසභංග යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරු 122ක් – පාර්ලිමේන්තුවේ වෙච්ච දේ ගැන හිටපු අගමැති රනිල් කියපු කතාව

අගමැතිවරයාට සහ නව කැබිනට් මණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා විශ්වාසභංග යෝජනාව පාර්ලිමෙන්තුවේ හඬ අනුව සම්මත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාඨලී චම්පික පවසා සිටිනවා.

මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටින්නේ අද දිනයේදී කිසිදු ජන්ද විමසීමක් සිදු නොවූ බවත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ස්ථාවර නියෝග අනුව සිදුනොවූ බවයි.

මේ අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂව මන්ත්‍රිවරු 122ක් අත්සන් කළ ලිපියක් කථානායක කරු ජයසූරිය මහතාට ලබාදුන් බවත් අනෙක් පාර්ශ්වය එය පිළිගන්නේ නොමැතිනම් හෙට දිනයේදි යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

“අගමැතිවරයෙක් ඉවත් කිරීමේ හා පත්කිරිමේ ගැසට් නිවේදන ප්‍රතික්ෂේප වුණා. කාඩ්බෝඩ් කැබිනට් මණ්ඩලයට බලයක් නෑ. ඒක රජයේ නිලධාරීන්ටත් පොලීසියට ත් මතක් කරන්න කැමතියි. සුමන්තිරන් මහතා ස්ථාවර නියෝග ක්‍රියාත්මක නොවීමේ යෝජනාව තහවුරු වුණා. විශ්වාසභංග යෝජනාවට බහුතරයක් කටින් උත්තර දුන්නා. ඒ නිසා කථානායකවරයා කටහඩින් සම්මත බවට තීරණයක් දුන්නා. ඒ යෝජණාවට පක්ෂ වුණ සියල්ලම කතානයකට ලිපියක් බාර දී තිබෙනවා. මන්ත්‍රීවරු 122ක් එයට අත්සන් කර තිබෙනවා. තීරණය වැරදි නම් හෙට ඇවිත් යෝජනාවක් සම්මත කර ගන්න. පාර්ලිමේන්තුවේ බහුතරය දැන් තීරණය වෙලා තිබෙනවා. “

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!