Gossip

විවාහ උත්සවයක් අතරතුර මනාලයෙකුට වෙඩි තැබීමක් – 25 හැවිරිදි මනාලයා ජීවිතක්ෂයට

විවාහ මංගල උත්සවයක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මේ පුවත වාර්තාවෙන්නේ ඉන්දියාවෙන්.

මෙම වෙඩි තැබීමේදී ඉලක්කය වී ඇත්තේ මංගල උත්සවයේ මනාලයා බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ලඛේම්පූර් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් මනාලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සුනිල් වර්මා නැමැති 25 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මංගල උත්සවයට සහභාගී වී ඔහු අසලම සිටි අයෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන එරට පොලිසිය පවසන්නේ වෙඩි පත්තුකර මංගල උත්සවයේ සතුට සැමරීමට ගිය අවසථාවක අත්වැරදීමෙන් වෙඩි වැදීම සිදුවූවාද, නැතිනම් හිතාමතා මෙම වෙඩි තැබීම සිදුකළා ද යන්න බවට සැකයක් පවතින බවයි.

කෙසේවෙතත් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ආරම්භකර ඇති බවයි එරට පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මනාලිය ඒ අසල සිට නැහැ.

මේ එම සිදුවීමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!