Gossip

විදේශීය කාන්තාවකට සිදුවූ ලිංගික අතවරයක් ගැන පැමිණිල්ලක් නිසා සුපිරි ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තහනම පනවා ඇති අතර මෙයට හේතුවී තිබෙන්නේ ක්‍රිකට් ආචාර ධර්ම උල්ලංඝනය කිරීමයි.
මෙම තහනම දකුණු අප්‍රිකාව සමග මේ වනවිට පැවැත්වෙන තරගය අවසානයේ සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
ධනුෂ්ක ගුණතිලකට මෙලෙස තරග තහනම් කිරීමට හේතුවි තිබෙන්නේ විදේශීය කාන්තාවක් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් බවත් අදාල කාන්තාවටසිදුවු ලිංගික අතවරයක් පිළිබදව පොලිසීයට පැමිණිලි කර ඇති බවත් සඳහන්.
ධනුෂ්ක ගුණතිලකගේ සමීපතම මිත්‍රයෙක් මෙම අතවර සිදුවීමේ ප්‍රධාන සැකකරූ වී තිබෙන අතර එම අවස්තාවේ ධනුෂ්ක ගුණතිලකද මිතුරා සමග සිටි බවට මෙම කාන්තාව විසින් කළ පැමිණිල්ලේ ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුව නිසා ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පරීක්ෂනයක් සිදුකිරීමට අදාල තරඟ තහනම පනවා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!