Gossip

විදෙස්හි සිට පැමිණ නිරෝධායනය වන අයගෙන් මැලේරියා බෝවීමේ අවදානමක්

විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින ඇතැම් පුද්ගලයන්ගෙන් මැලේරියාව බෝවීමේ අවදානමක් මතුව ඇතැයි කීට විද්‍යා විදුහලේ විදුහල්පති නජිත් සුමනසේන සඳහන් කරයි.

මේ වනවිට කන්දකාඩුව, කටකැලියාව හා මින්නේරිය ප්‍රදේශවල ඇති නිරෝධායන මධ්‍යස්ථානවලට මැලේරියාව පැතිර තිබූ රටවල සිට පැමිණ සිටින පුද්ගලයන්ගේ රුධිර සාම්පල ලබා ගැනීම ආරම්භ කර ඇතැයි හෙතෙම පැවසීය.

තවද නිරෝධායන මධ්‍යස්ථාන අවට ප්‍රදේශවල මදුරු මර්දනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයිද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

මැලේරියාව බෝ කරන පරපෝෂිතයා ලංකාවේ නොසිටියද විදේශ රටවල සිට පැමිණි පුද්ගලයන්ගේ ශරීරයේ පරපෝෂිතය සිටියහොත් එම පරපෝෂිතයා නිරෝගී පුද්ගලයකු වෙත ගෙනයාමේ හැකියාව පවතින මදුරු විශේෂ ලංකාවේ සිටින බැවින් රටේ යළි මැලේරියා රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් එය මර්දනය කිරීමට මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ බව පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!