Gossip

වැලිකඩ බන්ධනාගාර රැඳවියෙකුටත් කොරෝනා

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තවහුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා
මෙම රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි.
මෙම හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!