Gossip

වැඩිමහල් දියණියට කාලයක සිට අතවර කළ පියා හෝටලයක කොත්තු ගහද්දී වසර 07 කට පසු කොටුවුණු හැටි

බාල වයස්කාර සිය වැඩිමහල් දියණියකට කාලයක සිට බරපතල ලෙස ලිංගික අපයෝජනයක් සිදු කර නිවසින් පලා ගොස් වසර හතකට ආසන්න කාලයක් සැගව සිටි සැකකාර පියකු සැකපිට ප‍්‍රශ්න කිරීම සදහා අත්ඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසනවා.
ගන්දර පොලිස් වසමෙහි කපුගම ප‍්‍රදේශයේ දී මීට වසර හතකට ඉහත දී සිය බාල වස්කාර වැඩිමහල් දියණියට බරපළ ලෙස ලිංගික අපයෝජනයක් සිදු කර සැකකරු පොලිසිය මග හරිමින් සිය ගම් ප‍්‍රදේශයෙන් පලා ගොස් හංවැල්ල ප‍්‍රදේශයේ සැගව සිට ඇති බව පොලිසිය සිදු කල විමර්ශනනයන්හි දී අනාවරණය වී ඇත්තේ.
2012 වසරේ නොවැම්බර් මස 18 වන දින සැකකාර පියා විසින් තම වැඩිමහල් දියණියට නිවසෙහි කිසිවෙකුත් නොමැති අවස්ථාවක් බලා බරපතල ලෙස ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බව පොලිසිය පවසනවා.
සැකකරු ප‍්‍රදේශය අතහැර පලා ගොස් වසර හතකට ආසන්න කාලයක් හංවැල්ල ප‍්‍රදේශයේ සැගව සිට එම ප‍්‍රදේශයේම කුඩා හෝටලයක කොත්තු බාස් කෙනෙකු ලෙස සේවය කරමින් සිටියදි ගන්දර පොලිසිය වෙත ලද තොරතුරකට අනුව සැකකරු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!