Gossip News

වසාදැමූ හෝටල් සහ ආපන ශාලා යළි විවෘත කිරීමට අවධානය

කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.

රට තුල සාමාන්‍ය ජන ජීවිතය යථාතත්වයට පත් කීරීමේ රජයේ වැඩපිලිවෙලට සමගාමීව මෙම ආපනශාලා කඩිනමින් විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නේය.

සංචාරක හෝටල් හිමියන් ආපනශාලා හිමියන් හා සංචාරක ක්ශේත්‍රයේ සේවා සපයන විවිධ වෘත්තිකයන් සහ ඇමතිවරයා අතර ඊයේ (19) පැවති සාකච්ඡාවකදි හෝටල් සහ ආපනශාලා හිමියන් ඉල්ලා සිටියේ කඩිනමින් සිය ආයතන විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි.

සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන මාර්ගෝපදේශ වලට අනුව සිය ආපන ශාලා විවෘත කර පවත්වාගෙන යාමට සංචාරක හෝටල් හිමියන් හා මෙහිදි එකගත්වය පල කලහ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෝටල් හා ආපන ශාලා විවෘත කිරීමට නිකුත් කර ඇති මාර්ගෝපදේශ මේ වන විටත් හෝටල් හිමියන්ට ලබා දී ඇති බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අදහස වුයේ එම මාර්ගගෝපදේශ ද අනුගමනය කරමින් මෙරට සෞඛ්‍ය බලධාරීන් සමගද සාකච්ඡා කර කොවිඩ් 19 පාලනය කිරීමේ කමිටුවේද එකගතාවය ඇතිව හෝටල් හා ආපන ශාලා විවෘත කිරීම සදහා වු වැඩපිලිවෙලක් සැකසිය යුතු බවයි.

ඒ අනුව එම සාකච්ඡාව අතරතුර සෞඛ්‍ය බලධාරීන් ඇමතු ඇමතිවරයා හෝටල් හා ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට හැකිවන පරිදි මාර්ගෝපදෙශ සංග්‍රහයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

හෝටල් හා ආපන ශාලා වසා දැමිම නිසා එහි සේවකයන්ට වැටුප් ගේවීමේ දුෂ්කරතා ඇතැයි හෝටල් හා ආපන ශාලා හිමියෝ මෙහිදි පෙන්වා දුන්හ.

රජය දැනටමත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ඉතා ඉක්මනීන් මේ සදහා වැඩ පිලිවෙලක් සකස් කරන බවටත් ඇමතිවරයා සහතික වුයේය.

ලිසිං ගෙවිමට සහන ලබා ගැනීම සහ සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවලට එක්වූ සංචාරක ක්ශේත්‍රයේ නියුතු විවිධ සංවිධාන නියෝජිතයින් ඇමතිවරයාගේ ඉල්ලීම් කළ අතර ඇමතිවරයා සදහන් කලේ ඊට අදාල යෝජනා ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් කෙටුම්පත් කර ඇති බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!