Gossip

වසර 1500කට කලින් මැරුණු, Adidas සපත්තු පැළඳ සිටි මළමිනියක් සොයා ගැනේ

මොන්ගෝලියා වල සිදුකරලා තියෙන කැනීම්වලින් අපූරු මමියක් හමුවෙලා තියෙනවා.

මේකේ විශේෂත්වය තමයි ඒ මමිය Adidas සපත්තු දෙකකට සමාන සපත්තු දෙකක් පැළඳ සිටීම.

එහෙත් බැලූ බැල්මට ඒ මමියේ සපත්තු දෙක Adidas සපත්තු දෙකකට සමාන වුණත් එය දණහිස් මට්ටමට වෙනකන් උස්ව පිහිටි බූට් වර්ගයේ සපත්තු දෙකක් බවට මේ වනවිට හෙළිවෙලා තියෙනවා.

රතු සහ කළු වර්ණවලින් යුක්ත එම සපත්තු අඩිය ලෙදර්වලින් නිෂ්පාදනය කර තිබෙනවා.

කෙසේවෙතත මේවෙනකොට විද්‍යාඥයන් විසින් එම මමියේ සපත්තු දෙකද ඇතුළුව සම්පූර්ණ මමියම ප්‍රතිෂ්ඨාපනය කරලා තියෙනවා.

වසර දහස් ගණනකට පමණ පෙර විසූ මිනිසෙකු සතුව කෙසේ Adidas සපත්තු ජෝඩුවක් පවතින්නද ? මෙම සිදුවීම පාදක කරගෙන කාලතරණය සත්‍යයක් බව ඔප්පු කරන්නට වෙර දැරූ පිරිසක්ද සිටියා. නමුත් දැන් එම සියලු මත කුණු කූඩයට විසිවී හමාරයි.

පුරාවිද්‍යාඥයින් පවසන පරිදි මෙම මමිය මොන්ගෝලියාවේ අල්ටායි කඳුකරය තුල මියගිය කාන්තාවකට අයත් එකක්.

ඒවගේම ඇයගේ මරණය මීට වසර 1500 කට පමණ පෙර සිදුවෙන්නට ඇති බව තමයි පුරාවිද්‍යාඥයින් අනුමාන කරන්නේ.

එම මමියේ තිබී කුඩා බෑගයක්ද හමුවී තිබෙනවා.එපමණක් නොවෙයි ඒ සමගම පනාවක්, කන්නාඩියක්, කුඩා පිහියක්, සැදෑලයක් සහ අශ්වයෙකුගේ ශේෂ කොටස්ද හමුවී තිබුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!