Gossip News

වසංගතය දරුණු වෙද්දී අමෙරිකාව නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

තම රට  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්කර ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිලවශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුට්රෙස්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 30 සීමාවට පැමිණ ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව අද (08දා) උදෑසන එම අගය දැක්වුණේ 2,994,223ක් ලෙසිනි. එමෙන්ම මේ වනවිට ඇමෙරිකාවේ සිදුව ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 131,599ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙවැනි පසුබිමකයි ඇමරිකානු ජනාධිපතිවරයා මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාව ඉවත්කර ගන්නා බවට දන්වා තිබෙන්නේ.
වොෂිංටන් විශ්ව විද්‍යාලය විසින් එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසයෙන් කොපමණ පිරිසක් මිය යා හැකිද යන්න පිළිබඳ ප්‍රක්ෂේපණය නොවැම්බර් 1දා දක්වා දීර්ඝ කර ඇති අතර,  වර්තමාන තත්ත්වය අනුව ඒ වනවිට අවම වශයෙන් 208,255ක් මිය යන බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.
නමුත් ජනගහනයෙන් 95%ක් ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණයක් පැළඳුවහොත් එම සංඛ්‍යාව දළ වශයෙන් 162,808ක් දක්වා පහත වැටෙනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!