Gossip

වඳ භාවය ඇති කරන්න පෙත්තකින් පුළුවන්ද? හැමෝම අසන ප්‍රශ්නයට පිළිතුරු මෙන්න

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය පවසනවා.

ඒ ඊයේ (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවකදීයි.

ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන සත්‍ය තත්ත්වය පෙන්වා දීම අපේ යුතුකම යැයි මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති බවත් සඳහන් කළ ඇය, ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මගින් කණඩායමක් හෝ ජනවර්ගයක් වද බවට පත් කිරීම ප්‍රයෝගිකව කෙසේවත් කළ නොහැකි බව කියා සිටියා.

දැනට පාවිච්චිය සදහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සදහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබි ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණක් බවත් පුරුෂයන්ගේ තාවකාලික වඳ බාවයක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නැති බවත් ඇය සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!