Gossip

ලෝකෙම අවධානය යොමුවූ ගුහාවේ සිරවී සිටි තායිලන්ත දරුවන් පැවිදි දිවියට

පසුගියදා ලෝකයේම අවධානය යොමුවූ සිද්ධියක් තමයි තායිලන්තයේ ලෙනක සිරවූ යොවුන් පාපන්දු ක්‍රීඩකයින් ගැන කියවුණු ප්‍රවෘත්තිය.

දැන් මේ ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තිබෙනවා

ඒ තමයි මෙම යොවුන් පාපන්දු ක්‍රීඩකයින් බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව තාවකාලිකව පැවදි දිවියට ඇතුළත් වී තිබෙනවා.

ඒ අනුව මේ ලෙනෙහි සිට මුදාගත් ක්‍රිස්තියානි භක්තියෙක් වන එක් දරුවෙක් හැරුණු කොට අනෙක් සියලුදෙනා දින 9 ක් සඳහා මෙලෙස පැවිදි වීමට තීරණය කර තිබුණා.

මෙහිදී දින 9 කාලයක් ඔවුන් පැවිදිව සිට එළඹෙන 04 වනදා සිය නිවෙස් කරා යාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම ඔවුන්ගේ පුහුණුකරුද මීට පෙර තාවකාලිකව පැවදි වී සිටි පුද්ගලයෙකු වනවා.

තායිලන්තයේ චියෑන්ග් රායි පළාතේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය තුළ පුහුණුකරු ඇතුළු මෙම දරුවන් 12 දෙනා සිරවී තිබුණේ පසුගිය ජූනි 23 වනදායි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!