Gossip

ලොව මිල අධිකම නවීන තාක්ෂණයෙන් යුත් ගිනි අවි පවා පරිගණක මාර්ගයෙන් නිරීක්ෂණය කර සැකසූ සැකකරුවා කිසි දිනෙක පාසල් ගොස් නැහැ

ඇල්පිටිය නුගේතොට ප්‍ර දේශයේ ගරාජයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ආයුද කම්හලක් පොලිසිය විසින් පසුගියදා වටලනු ලැබුවා.

එහිදී එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවි හා ගිනි අවි නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු බද්දේගම ප්‍ර දේශයේ පදිංචි අජිත් කුමාර නම් අයෙක්.

ඔහුට ඕනෑම වර්ගයක ගිනි අවියක වීඩියෝවක් පරිගණකයක් මගින් නිරීක්ෂණය කර එම ගිනි අවිය නිෂ්පාදනය කිරීමේ සුවිශේෂි හැකියාවක් සහිත අයකු බවද වාර්තාවනවා.

සැකකරු ලොව මිල අධිකම නවීන තාක්ෂණයෙන් යුත් ගිනි අවි පවා පරිගණක මාර්ගයෙන් නිරීක්ෂණය කර එම ගිනි අවි නිපදවා තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇති අතර සැකකරු කිසිදා පාසල් නොගිය අයකු බවත් එසේ තිබියදී පරිගණක භාවිතය සහ ගිනිඅවි නිශ්පාදනය පිළිබඳව හසල දැනුමක් ලබාගෙන තිබෙන බවත් පැවසෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!