Gossip

ලොව මිල අධිකම දියරය “ගෝණුසු විෂ”

ලොව අධිකම වටිනාකමක් ඇති දියරය ලෙස ගෝණුසු විෂ හදුන්වන්නට පුළුවන්.
එම දියර ගැලුමක් ඇමරිකානු ඩොලර් මිලියන 39 ක වටිනාකමක් දරනවා.
මෙසේ ගෝනුස්සන්ගේ විෂ වැඩි වටිනාකමක් දරන්නේ, ඒවා විවිධ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගැනීමයි.
විශේෂයෙන්ම මොළයේ පිලිකා සෛල විනාශ කිරීමට මෙම විෂ සාර්ථකව අත්හදා බලා තිබෙනවා.
එම විෂ ක්ලෝරෝටොක්සින් (Chlorotoxin) යන විෂ වර්ගයට අයත් වන අතර එම විෂ අනෙකුත් නිරෝගී සෛල විනාශ නොකරමින්, පිලිකා සෛල පමණක් විනාශ කිරීමට හැකි ලෙස භාවිතා කරන්නට හැකි බවයි වාර්තා වන්නේ.
මෙම විෂ මගින් පිලිකා සෛලවල ආවේග යාමනය අඩපන කිරීම මගින් මෙලස එම සෛල විනාශ කිරීම සිදුකරනු ලබනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!