Gossip

ලොවක් දන්න ජනප්‍රිය නිළිය දරුවන් දෙදෙනා අතහැර දමා අලුත් විවාහයකට සැරසෙයි?

කරිෂ්මා කපූර් කියන්නේ මේ වෙද්දි බොලිවුඩයේ ඉන්න දක්ෂම ජනප්‍රියම නිළියක්.

ඇය විවාහ වන්නේ සංජය කපූර් සමගයි.

විවාහයෙන් වසර කිහිපයකට පසුව ඔවුන්ට දරුවන් දෙන්නෙක් ලැබුණා.

කෙසේවෙතත් කරිෂ්මා කපූර් සංජය කපූර් සමඟ ගත කළ විවාහ ජීවිතයේ ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිවෙමින් 2016 වසරේදී ඔවුන් නීතියෙන් වෙන්වූවා.

මේ වන විටත් සමීරා කපූර් සහ කියාන් රාජ් කපූර් වන කරිෂ්මාගේ සහ සංජය ගේ දරුවන් දෙදෙනා කරිෂ්මා භාරයේ හොඳින් වැඩෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

විවාහ ජීවිතය දෙදරා යෑමත් සමඟ කරිෂ්මාගේ නම පටබැඳෙන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන සංදීප් ටොෂිනිවාල් එක්ක.

ඔහුත් කලින් විවාහයෙන් දික්කසාද වූ කෙනෙක්. මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය දැඩිව පැවතුනු නිසා මොවුන් දරුවන්ගේ වගකීම්වලින් බැහැර වෙලා විවාහ වෙන්න සුදානම් බව තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අවස්ථා කිහිපයකදී කරිෂ්මා සහ සංදීප් එකට කාලය ගතකරන අවස්ථා පැපරාසීන් විසින් ඡායාරූප ගත කරමින් සමාජ ජාලවලට නිකුත් කර තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ දැන් සංදීප් සහ කරිෂ්මා අතර තිබූ ඇයිහොඳයිය බිඳ වැටිලා කියලයි. මේ වනවිට කරිෂ්මාගේ පූර්ණ කැමැත්ත වී ඇත්තේ දෙවැනි විවාහයක් සඳහා නොව” ඇය දැඩිව ආදරය කරන දරුවන් දෙදෙනා හොඳින් හදාවඩා ගැනීම සඳහා බව පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!