Gossip

“ලොක්කා එක්ක ආපු ලැඩියා අතුරුදන් වෙලා.” – අංගොඩ ලොක්කා ගැන අලුත්ම කතාවක් එළියට

ද හින්දු’ පුවත්පත වාර්තා කළේ අංගොඩ ලොක්කාගේ සමීපතමයකු බව කියන ‘ලඩියා’ 2017 වසරේ සිට ව්‍යාජ නාමයක් භාවිත කරමින් ඉන්දියාවේ රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවය.
තමිල්නාඩු පොලිසිය අංගොඩ ලොක්කා මරණයට පත්වූ ආකාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු මධ්‍යම රජයේ ආයතන අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය මෙහෙය වූ සගයන් පිළිබඳව විමර්ශන සිදුකරයි.
2017 වසරේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා ‘සමයං’ ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව ‘අංගොඩ ලොක්කා’ සහ අතුරුගිරියේ ‘ලඩියා’ ඉන්දියාවට පලාගිය බව පැවැසේ.
ඔවුන් එවකට ඩුබායිහි සිට ජාවාරම් මෙහෙයවූ මාකඳුරේ මධුෂ්ගේ සහායෙන් බෝට්ටු මඟින් ඉන්දියාවට පලාගිය බවට විශ්වාස කෙරේ. ඉන්දීය පොලිසිය පවසන්නේ ඉන්දියාවට පලා යෑමට පෙර අංගොඩ ලොක්කාට සඳුන් ඇල්වලගේ නමින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සහ ලඩියාට චානුක දහනායක නමින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකසා දී තිබූ බවය.
පසුගිය වසරේදී මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ අතර අංගොඩ ලොක්කා සහ ලඩියා පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවීය.
අංගොඩ ලොක්කා පිළිබඳව යළිත් කතාබහට ලක්වන්නට වූයේ පසුගිය ජූලි 3 වැනිදා කොයිම්බතූර්හිදී අංගොඩ ලොක්කා මරණයට පත්වූ බවට තොරතුරු වාර්තා වීමත් සමඟය.
අංගොඩ ලොක්කා ශ්‍රී ලංකාවේ සිටි අශිෂ්ට පාතාල සාමාජිකයෙක්. ඔහු ඇතුළු පිරිසට මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ලැබිලා තියෙන්නේ පාකිස්තානයට අයත් ස්ථාන කිහිපයකින්. ඒවා ප්‍රවාහනය කරලා තියෙන්නේ ඔහුටම අයත් යාත්‍රාවලින්. ඔහු ලබාගත් දුරකථන ඇමතුම් විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් තියෙන්නේ ඔහු නිතරම පාකිස්තාන නියෝජිතයන් සමඟ සබඳතා පැවැත්වූ බවයි… ” ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ද හින්දු’ පුවත්පතට පවසා තිබිණි.
මධුෂ් වගේ අංගොඩ ලොක්කාටත් ඩුබායිවලට පැනගන්න අවස්ථාව තිබුණා. ඒත් ඒ වෙනුවට ලොක්කා ඉන්දියාවට ආවා. මේ අනුව අපට සැකයක් තියෙනවා ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාලය ඉන්දියාවේත් ස්ථාපනය කරන්න සැලැස්මක් තිබුණු බවට. ලඩියාත් ඔහු සමඟ කොයිම්බතූර් එන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ අනුව ඔහුවත් අත්අඩංගුවට ගන්න විමර්ශන සිදුකෙරෙනවා…” එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
මේ අතර අංගොඩ ලොක්කාට ව්‍යාජ ලේඛන සකසා දුන් බවට චෝදනා ලැබ සිටින කොයිම්බතූර්හි නීතිඥවරියක වන සිවකාම සුන්දරීට ඇප ලබාදීමට කළ ඉල්ලීම පසුගිය සඳුදා දිනයේදී ප්‍රතික්ෂේප කෙරිණි.

උපුටා ගැනීම – මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!