Gossip

ලිංගික අල්ලස් නොදෙමි, නාම යෝජනා දෙනවද අහපු රංගන ශිල්පිනී මධූෂාට කටඋත්තර නැති වෙයි – Exclusive 

ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හඬනැගූ මධූෂා පසුව මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වී දේශපාලන ගමනක් යාමට සැරසුනු චරිතයක්.
පොහොට්ටුව වෙනුවෙන් හඬනගා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නිතරම කතා කළ ඇයගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා.
අවස්ථා කිහිපයකදීම මුහුණුපොත හරහා දේශපාලන චරිත කිහිපයක්ම විවේචනය කිරීමෙන් දැඩි කතාබහක් ඇති කළ චරිතයක් විදිහටත් මධූෂා හදුන්වන්න පුළුවන්.
කොහොම වුණත් මේ ගැන අහන්න වෙබ් ගොසිප් අපි මධූෂට කතා කළාම ඇය කිව්වේ මේ වගේ කතාවක්.
නායකයෝ හරිනම් මේවට වගකියන්න ඕනේ.. මම මේ ලිංගික අල්ලස් නොදෙමි නාමයෝජනා දෙනවද කියලා අහලා දාපු පෝස්ට් එකටයි මෙහෙම වුණේ..?
“ප්‍රසිද්ධ චරිතවලට එන්න දෙන්නේ නෑ.
මගේ නාමයෝජනා බ්ලොක් කරලා.
මේ ගැන නායකයන්ගෙන් ඇහුවම කිව්වේ රජකම ලැබෙනවද ඔන්න ඕක අතහරින්න කියලා.
උදේට එකක් කියනවා. හවසට එකක් කියනවා.
පොහොට්ටුව දිනවන්න ගිහින් අන්තිමට ලැබුණු දේ මේක.
තව කොහෙද ඉතිං. කමක් නෑ අන්තිමට මිනිස්සු ගාවටමනේ වැටුණේ”

ඇය මුහුණුපොතේ දැමූ සටහන පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!