Gossip

ලැජ්ජයි ධනුෂ්ක.. ලැජ්ජයි ඇන්ජලෝ.. රක්ෂණ මුදල වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාවා දුන්නාද..? – Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජය වීමත් සමග ක්‍රීඩකයන් මුදල් වෙනුවෙන් පමණක් ක්‍රීඩා කරන බවට චෝදනා එල්ල වෙමින් තිබෙනවා.
මුදල් උපයාගනිමින් සෙල්ලක්කාර ජීවිත ගතකරමින් මෙම ක්‍රීඩකයන් සිටින බව තවත් චෝදනාවකි.
ඒ අතර ධනුෂ්ක ගුණතිලක සහ තවවත් ක්‍රීඩකයන්ගේ නම්ද කියවීම විශේෂත්වයක්.
අපේ රටට ලෝක කුසලානය ගෙන දීමට කුසගින්නේ පවා සිට පුහුණුවීම් කරමින් අර්ජුන රණතුංගලා කළ සේවය අදටත් අප හදවතේ ඉහළම තැනක තිබියදී ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමේ තැනට ධනුෂ්ක ගුණතිලක වැටී ඇති බව වාර්තා වනවා.
ඒ මුදල් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවත් අප රටේ අභිමානයත් බිල්ලට දමා ඇති බවට පැතිරෙන පුවතක් නිසා.
පසුගියදා පැවැත්වුණු ආසියානු කුසලානට එක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ධනුෂ්ක ගුණතිලක කිසිදු තරගයක් ක්‍රීඩා නොකොට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඒ පුහුණුවීම් අතරතුර කොන්දේ ආබාධයක් ඇති වූවා යැයි පවසමින්.
මෙයද ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් සිදුකළ දෙයක් බවටයි ඇතැම් පුද්ගලයන්ගෙන් ලැබුණු තොරතුරු තහවුරු කරන්නේ.
ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමේ සංචිතයට ඇතුල්වනවිටත් මේ ආබාධ තත්ත්වය තිබී ඇති අතර එය සඟවා ඔහු එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට කණ්ඩායම සමග ආසියානු කුසලානය වෙනුවෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ පුහුණුවීම් අතරතුර ආබාධය වූ බව කියමින් රක්ෂණ මුදල් ලබා ගැනීමටය.
මෙය තහවුරු වී තිබෙන්නේ මෙම තරග සංචාරය වෙනුවෙන් ඔහු පිත්තක් හෝ රැගෙන නොයෑම නිසාය.
එයින් හෙළිවන්නේ ඔහු ක්‍රීඩා නොකර නැවත පැමිණීමට සැලසුම් කර ඇති බවයි.
ධනුෂ්කගේ මෙම ක්‍රියාව ගැන කණ්ඩායමේ නායක ඇන්ජලො මැතිවුස් නොදැන සිටි බවටද සැක සහිතය.
අසංක විජේවර්ධන, ධනුෂ්කගේ ක්‍රීඩක කළමණාකරුවාය
මේ සියලූම නාටක සිදු කළේ මෙම කළමණාකරුගේ උපදෙස් මත බවයි වාර්තා වන්නේ.
ධනුෂ්ක ගුණතිලකගේ කළමණාකරු අසංක විජේවර්ධන, නායක ඇන්ජලො මැතිවුස්ගේ සමීපතම ව්‍යාපාරික සගයෙක් බවත් මැතිවුස් නායකත්වයට පත්වූ පසු කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් සිය මිතුරා වන ආසංකට හදුන්වා දෙමින් ඔවුන් සමග ගිවිසුම් ගත වීමට බල කළ බවත් මැතිව්ස්ට චෝදනා එල්ලවුණා.
කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක මැතිවුස්ගේ සගයා අසංක විජේවර්ධන සමග ගිවිසුම් ගතව සිටින බවත් සඳහන්.
කුසල් මෙන්ඩිස් කොතරම් අසාර්ථක වුවද, ධනුෂ්ක ගුණතිලක කොතරම් විනය විරෝධි ක්‍රියා සදහා වැරදිකරු වුවද නායක මැතිවුස්ගේ කණ්ඩායමේ ඔවුන්ට ස්ථානයක් හිමි වන්නේ අසංක විජේවර්ධන හරහා බවටද චෝදනා එල්ලවනවා.
මේ සියල්ල ගැන ඇන්ජලෝ මැතිව්ස්ද දැනුවත් බවයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මෙවැනි වංචාවක් සිදුවූවානම් එයට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකර අදාල දඩුවම් ලබාදීම ක්‍රීඩා බලධාරීන්ගේ වගකීමකි.

ධනුෂ්කගේ කළමණාකරු අසංක විජේවර්ධන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!