Gossip

ලසිත් මාලිංග නායකත්වයට – දික්වැල්ලට උපනායක – ජනපති ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයි 20 නායකයා ලෙස ලසිත් මාලිංග පත්කොට තිබෙනවා.

උපනායකයා ලෙස නම් කොට තිබෙන්නේ නිරෝෂන් දික්වැල්ලයි.

නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේදී කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංගත්, උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ලත් කටයුතු කරනවා.

එම තරංඟ සංචාරයට සහභාගි වන කණ්ඩායම මේ වන විට නම් කර ඇති අතර ක්‍රීඩා අමාත්‍යධූරයේ කටයුතු සඳහා අතුරු තහනම් නියෝගයක් ලැබී ඇති හෙයින් ජනපති විසින් සංචිතයට අනුමැතිය දී තිබෙනවා.

එමෙන්ම කලකට පසු අසේල ගුණරත්න හා සීක්කුගේ ප්‍රසන්න නැවතත් කණ්ඩායමට කැඳවා තිබිම විශේෂත්වයකි.

ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ණුවන් ප්‍රදීප්, ළහිරු කුමාර සම්පූර්ණ ශ්‍රී ලංකා සංචිතය වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!