Health & Beauty

ලස්සන වෙන්න ඕන අයට මෙන්න අපූරු ප්‍රතිකාරය

ලස්සන වෙන්න අකමැති කාන්තාවක් නැති තරම්. ස්වාභාවික ආහාරපාන තුළින් සුන්දරත්වය රැක ගැනීමට සිතන කාන්තාවන් වෙනුවෙන් ඒ වෙනුවෙන් උපකාරී වන රස ගුණ සපිරි පලතුරක් හඳුන්වා දෙන්නට අප අදහස් කළා.
අලිගැටපේර යනු ලොරේසි නම් කුලයට අයත් මෙක්සිකෝ ප්‍රභවයකින් යුත් ශාකයක්. විටමින් A, B, C, K, E, යකඩ, කැල්සියම්, ප්‍රෝටීන්, පොස්පරස්, මැග්නීසියම්, මැන්ගනීස්, තඹ, සින්ක්, ෆෝලේට් ආදි පෝෂකවලින් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින් අලිගැට පේර සමන්විතයි.
කෙසෙල්වල අඩංගු පොටෑසියම් ප්‍රතිශතයත් ඉක්මවා යන පොටෑසියම් ප්‍රමාණයක් අලිගැටපේරවල අඩංගු බවත් එය සිරුරේ රුධිර ධාවනය ක්‍රමවත් කරමින් රුධිර පීඩනය පාලනය කිරීමටත් උපකාරී වන බව පැවසෙනවා.
අලිගැටපේර මේද බහුල පලතුරක් ලෙස සැලකුණද එම මේදය ස්වාභාවික, අසංතෘප්ත මේදය බැවින් ඉන් කොලෙස්ටරෝල් තත්ත්වයක් ඇතිවන්නේ නැහැ.
එමෙන්ම කුඩා දරුවන්ට, ගැබිනි මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට මෙන්ම වැඩිහිටියන්ටද සුදුසු ශක්තිජනක ආහාරයක් ලෙස අලිගැටපේර ජනප්‍රියයි.
ඉදුණු අලිගැටපේර පානයක් මෙන්ම සලාදයක් ලෙසද සකසාගත හැකිය.
අමු ගෙඩිවල පෝෂණ ගුණ අඩු ලෙස සැලකුණද එය වෑංජනයක් සේ පිස ගත හැකියි.
අලිගැටපේර ඇටය කැබලිකර තම්බා තේ පානයක් සේ සකසා ගත හැකි බව බොහෝදෙනා නොදන්නා කරුණක්.
අලිගැටපේර ආහාර රුචිය වඩවන පලතුරක් ලෙස සැලකෙන අතර මුත්‍රා වර්ධකයක් සහ සිරුරේ විස බැහැර කිරීමට උපකාරී වන පලතුරක් ලෙස සැලකෙනවා. සන්ධි ප්‍රදාහ පාලනය කිරීමේ හැකියාව ඇති නිසා වියපත් වීමේදී සන්ධිරෝග ඇතිවීම වළක්වනවා. ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට උපකාරී වෙමින් මලබද්ධය දුරු කරන අලිගැටපේර අර්ශස් හා මල මඟින් රුධිරය පිටවීමේ රෝග පාලනය කිරීමටද උපකාරී වනවා.
අලිගැටපේරවල ඇස්වලට හිතකර සංඝටක අඩංගු වන අතර ඇසේ සුද ඇතිවීම වැනි අක්ෂි රෝග වළක්වමින් පෙනුම වර්ධනය කර දෑස් දීප්තිමත්ව තබාගැනීමට උපකාරී වනවා.
අලිගැටපේර සම නිරෝගී කිරීමටද දායක වන අතර සතියට දෙවරක්වත් අනුභව කරන්නේ නම් දිදුලන පැහැපත් සමක් ඇතිකර ගත හැකි බව පැවසෙනවා.
එම නිසාම රූපලාවණ්‍ය කටයුතුවලදී සම සුන්දර කිරීමේ බාහිර ආලේපනයක් ලෙසද අලිගැටපේර යොදාගනු ලබනවා.
එමෙන්ම තරබාරුව මට්ටු කිරීමට අලිගැටපේර කදිම ආහාරයක් වන අතර එය කුසගින්න පාලනය කරනවා.
නිතර ආහාර අවශ්‍ය ස්ථූල පිරිසක් යොදාගනිමින් කරන ලද පර්යේෂණයකදී අලිගැටපේර ගෙඩි බාගයක් ආහාරයට ගැනීමෙන් පසු එම පිරිසගෙන් සියයට 40කට තවත් පැය තුනක් ඉක්ම යනතෙක් වෙනත් ආහාරයක අවශ්‍යතාවක් නොවූ බව සනාථ වී තිබෙනවා.
අලිගැටපේර වල පිෂ්ටය අඩංගු වුවත් එයින් සිරුරේ සීනි වැඩිවීමක් සිදුනොවීමත් අලිගැටපේර සතු තවත් විශේෂ ගුණයක්.
එමෙන්ම මේ තරම් ප්‍රතිඔක්සිකාරක ගුණ වෙනත් කිසිම පලතුරක හෝ එළවළුවක අඩංගු නොවේ. ප්‍රතිශක්තිකරණ ශක්තියෙන් සපිරි අලිගැටපේර බැක්ටීරියා නාශකයක්ද වනවා.
හෘද රෝග, අධි රුධිර පීඩනය පාලනය කරන අතර අස්ථි රෝග අවම කරනවා. ග්ලූකෝස් මට්ටම අඩුකර දියවැඩියාව පාලනය කිරීමටද උපකාරී වන අතර අතීසාරයට හා පිළිකාවට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.
අලිගැටපේර මද මෙන්ම ඇටවල ඇති තෙල්ද සමට හිතකරයි. සමේ රැලි වැටීම් වළක්වා තරුණ පෙනුමක් ගෙනදෙන අතර අලිගැටපේර ඇටය වියළා කුඩුකර මුහුණේ ආලේප කිරීම හොඳ සත්කාරයක් ලෙස සැලකෙනවා.
එවැනි ගුණ රාශියක් තිබුණද ඇදුම, වකුගඩු හා අක්මා රෝගීන්ට නම් අලිගැටපේර වඩා හිතකර නොවන බවද සඳහන් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!