Gossip

ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට

රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක් වටිනා රත්‍රං කුට්ටි දෙකක් තම පවර් බෑන්ක් එක තුල සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායිකාවක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් ඊයේ දිනයේ රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගායිකාව රාගම ප්‍ර දේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක්.

රූපලාවන්‍ය ශිල්පිනිය තංගල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

ගායිකාව සිය කලිසම් සාක්කුවේ මෙය සඟවාගෙන පැමිණි අතර රූපලාවන්‍ය ශිල්පිණිය සිය ගමන් මල්ලේ අදාල පවර් බෑන්ක් එක සඟවාගෙන පැමිණ තිබෙනවා.

ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ දිනයේ පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා ගුවන් තොටුපොළෙන් පිටවන අවස්ථාවේදී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් විසින් සඟවාගෙන පැමිණ රත්‍රං කුට්ටි දෙකෙහි මුළු බර කිලෝ ග්‍රෑම් 02 ක් වන බවයි රේගුව සඳහන් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!