Gossip

“ලංකාවේ චෝදනා තිබ්බත් ඩුබායිවල මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා නෑ – මාව ලංකාවට යවන්නෙපා” – මධූෂ් ඩුබායි අධිකරණයෙන් ඉල්ලපු දේ?

ඩුබායි පොලිසියෙන් රඳවාගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් විසින් එරට අධිකරණය වෙත නව නීති තර්කයක් ඉදිරිපත් කරමින් අභියාචනයක් ගොනු කර තිබෙන බවට වාර්තා වනවා.

අදාළ අභියාචනයේ දැක්වෙන්නේ තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි ප්‍රසිද්ධියට පත්ව තිබුණත් ඩුබායිහිදී කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා එල්ලවී නැති බවත් තමන් ඩුබායි දේශයට කෝටි ගණනක මුදල් ගෙන ආ ආයෝජකයෙක් බවත්, තමන් ඩුබායි දේශයේදි කිසිදු අපරාධයකට සම්බන්ධ නොමැති පුද්ගලයෙකු බවත් ඔහු එරට අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

ඩුබායි දේශයේ කෝටි ගණනක මුදල් ආයෝජනය කරනා තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් කළ හොත් ඩුබායි දේශයට විශාල ආයෝජන මුදලක් අහිමි වන බවද මදූෂ්ගේ නීතිඥයන් එරට අභියාචනාධිකරණයට දන්වා තිබෙන බවට වාර්තා වනවා.

මධූෂ් වෙනුවෙන් ඉතා ඉහළ මිල ගණන් අය කරනා නීතිඥයන් පෙනී සිටින බවද එම වාර්තා දක්වනවා.

ඩුබායි අධිකරණයන් මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය කුමක්දැයි මෙතෙක් පැහැදිලි නැති නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!