Gossip

ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් තරුව පුවත් මවමින් නැවතත් බුකිය කළඹයි – විස්තරේ මෙන්න

අපේ රටින් බිහිවූ සුපිරි ක්‍රිකට් තරුවක් තමයි කුමාර් සංගක්කාර.
සංගාව ඉදිරි මාස කිහිපය තුල එංගලන්තය සත්කාරකත්වය දරන තරගාවලි කිහිපයකට විස්තර විචාරකයෙක් විදිහට යොදාගන්න එම තරගාවලි මාධ්‍ය අයිතිය හිමි ‘ස්කයි ස්පෝර්ට්ස් (Sky Sports) ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ හිටපු ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවට.
එළඹෙන ජුනි-අගෝස්තු අතර කාලය තුළදී එංගලන්තයේ පැවැත්වෙන පාකිස්තානය හා ඉන්දියාව සම්පූර්ණ තරගාවලි සඳහාත්, ඕස්ට්‍රේලියාව සීමිත පන්දුවාර තරගාවලි සඳහාත් විස්තර විචාරකයෙකු ලෙස කුමාර් සංගක්කාර කටයුතු කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේදී එංගලන්තයේ පැවති ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේද කුමාර සංගක්කාර විස්තර විචාරක කාර්යය ඉටු කළා.
කෙසේ වුවත් එංගලන්තයේ විස්තර විචාරක කටයුතු භාර ගතහොත් සංගක්කාර හට එළඹෙන අගෝස්තු 18 සිට සැප්තැම්බර් 10 දක්වා පැවත්වෙන ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) අහිමි වනු ඇති.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!