Gossip News

ලංකාපුර 660කට ඡන්දේ නෑ

පොළොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සමාජයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට අයත් පුද්ගලයන් 1100ක පිරිසෙන් 660කට අධික පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ හා නිරෝධායන කාලසීමාව අවසන් නොවීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ,

වැඩිදුරටත් පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරියෙකු යොදවා තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු සිදු කිරීම අධීක්ෂණය කෙරෙන බවයි.

“අපි මේ වනවිට දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත එක් සෞඛ්‍ය නිලධාරියෙකු බැගින් යොදවා තිබෙනවා. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හතෙහි කාර්යාලවල නිලධාරිනුත් ඊට අමතරව හෙද කාර්ය මණ්ඩලත් මේ සඳහා යොදවා තිබෙනවා. විශේෂයෙන්ම ලංකාපුර කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ට අයත් පවුල් 19ක් හඳුනාගෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු 90ක් නිරෝධායනයට ලක් කර තිබෙනවා. අනිවාර්ය නිරෝධායන කාල සීමාව ඉවර වුණු පී.සී.ආර්. පරීක්ෂණ දෙකටම අවසන් වූ නිවෙස් තුළ නිරෝධායන කාල සීමාව තවත් දින 14ක කාලයක් යොමු කළ පවුල්වල පුද්ගලයන් 65ක් පමණ ඡන්දය පාවිචිචි කිරීමට ඡන්ද මධ්‍යස්ථාන වෙත එනවා. ඒ අයට උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කෙරෙනවා.” හෙතෙම වැඩි දුරටත් කීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!