Gossip

රෙදි ගලෝගෙන, චණ්ඩි පාට් දාගෙන බිංගිරියේ කසිප්පු වටලපු හැටි කැමරාවට මාට්ටු – වීඩියෝ

කුලියාපිටිය සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් බිංගිරිය මොරගොල්ල නගොල්ලගොඩ ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට පහර දී එක් කාන්තාවක් නිර්වස්ත්‍ර කර ඇය අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වුණා.

ඊයේ (19) පෙරවරු 10 30 ට පමණ මේ සිද්ධිය වූ බවයි වාර්තා වන්නේ.

සුරාබදු නිලධාරීන් පැමිණ තමන්ට හා දියණියට තර්ජනය කර කසිප්පු ඉල්ලු බව සුරාබදු නිලධාරීන්ගේ පහර කෑමට ලක්වූ 75 වියැති කාන්තාව පවසයි.

කසිප්පු නිවසේ නොමැති බව ප්‍රකාශ කළ අවස්ථාවේ තමන්ට හා තම දියණියට පහර දී දියණිය බිම දිගේ ඇදගෙන ගොස් ඔවුන්ගේ වාහනයට දමා ගත් අතර ඒ අවස්ථාවේ දියණිය ඇද සිටි රෙද්ද ගැලවී ගිය අතර එය ඇඳ ගැනීමට හෝ අවස්ථාවක් නොදුන් බව ද පවසන එම කාන්තාව තමන් මේ වන විට නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය අතහැර ඇති බවද කියා සිටියේය.

මවට හා සහෝදරියට පහර දෙන අයුරු වීඩියෝ ගත කිරීමට නිවසේ හිමිකාරියට හැකිව තිබේ.

ඇය පවසන ආකාරයට කාන්තාවන් තිදෙනෙකු සිටි මේ නිවසට සුරාබදු නිලධාරීන් පමණක් පැමිණ ඇති අතර එකදු නිලධාරිනියක හෝ පැමිණ නැත.

නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා පැමිණි අවස්ථාවේදී තමන්ගේ රාජකාරියට බාධා කල කාන්තාවක් අත්අඩංගුවට ගෙන බිංගිරිය පොලිසියට භාර දුන් බව සුරාබදු නිලධාරීන්ගෙන් කළ විමසීමේදී පැවසිය.

වැඩිදුර තොරතුරු මාධ්‍යට ලබා දිමද සුරාබදු නිලධාරීන් ප්‍රතික්ෂේප කළේය.

මේ සිදුවීම සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන්ගෙන් හා නිවසේ හිමිකාරියගෙන් බිංගිරිය පොලිසියට පැමිණිලි දෙකක් ලැබී තිබිණි.

බිංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!