Gossip

රූපවාහිනී වැඩසටහනක් අත්හදා බලන්න ගිය සාමණේර හිමිනම අපවත් වෙයි

රූප පෙට්ටියට ඇබ්බැහි වූ කුඩා සාමණේර හිමිනමක් ජනප්‍රිය රූපවාහිනි නාළිකාවකින් විකාශනය වන අපේ රටේ දරුවන්ගේ විවිධ දක්ෂතා ලොවට පෙන්වන ‘ටැලන්ට් වැඩසටහනක් ඉතාම ආශාවෙන් නැරැඹීමට මෙන්ම ඒවා අත්හදා බැලීමටද යෑමෙන් කුඩා වියේදීම ජීවිතයෙන් සමුගත් පුවතක් ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ගණේමුල්ල ප්‍රදේශයේ විහාරයක පැවිදිව සිටි 13 හැවිරිදි සාමණේර භික්ෂුන් වහන්සේ නමක් මෙලෙස අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

තමන් නරඹන වැඩසටහනේ දරුවන් ඉදිරිපත් කරන ජිම්නාස්ටික් ක්‍රියාකාරකම් සිය ආවාසගෙයි කාමරයේදී පුහුණුවීමට ගොස් ඉලක්කය වැරැදි අත ලිස්සා යෑමෙන් ගෙලට ඉහළ කම්මුල් දෙපසින් සිදුවූ තදබල හිරවීමක් හේතුවෙන් මෙම මරණය සිදුව තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේදී විහාරවාසී ශිෂ්‍ය හිමිවරු ඒ අවස්ථාවේ පිරිවෙන වෙත ගොස් සිට ඇති අතර අපවත් වූ කුඩා හිමිනම හා වයෝවෘද්ධ හිමියන් පමණක් එදින විහාරස්ථානයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 30 වැනිදා සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මෙලෙස අපවත් වී ඇත්තේ ගණේමුල්ල කුඩා බොල්ලත සුමන වීරසිංහාරාම වාසී 13 හැවිරිදි හඟුන්නාවේ පියරතන නම් වූ සාමණේර භික්ෂුන් වහන්සේ නමක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!