Gossip

රූගත කිරීම් අතරතුර ඇද වැටි මියගිය රංගන ශිල්පියා..

තායි-කැනේඩියානු නිරූපණ සහ රංගන ශිල්පියෙක් වන ගොඩ්ෆ්‍රේ ගාඕ, චීනයේ රියලිටි වැඩසටහනක රූගත කිරීම් සිදු කරන අතරතුර දී දර්ශන තලයේ ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.කණ්ඩායම් ලෙසින් තරග වදින Chase me නම් වැඩසටහනට ආරාධිත තරගකරුවෙක් ලෙසින් 35 හැවිරිදි ඔහු සහභාගී වී තිබුණි.ගොඩ්ෆ්‍රේ ගාඕ, තරගය අතරතුර දී ඇද වැටීමෙන් සිහි විසඥ වූ බවත් රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බවත් එම රියලිටි වැඩසටහනේ නිෂ්පාදකයින් ප්‍රකාශ කර ඇත.Louis Vuitton විලාසිතා සන්නාමය යටතේ වෙළඳ දැන්වීම් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළ පළමු ආසියානු නිරූපණ ශිල්පියා වන්නේ ඔහු ය. ඒ 2011 දී ය.නවකතා මාලාවක් ඇසුරින් නිර්මාණය කළ The Mortal Instryments: City of Bones නම් ක්‍රියාදාම චිත්‍රපටය ඔස්සේ හොලිවුඩ් සිනමා කර්මාන්තයට පිවිසීමට ද ඔහු අවස්ථාව උදා කරගත්තේ ය.ගොඩ්ෆ්‍රේ ගාඕගේ හදිසි අභාවය පිළිබඳ ලොව පුරා ඔහුගේ රසික, රසිකාවියන් සංවේගය පළ කර ති‌බෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!