Gossip

 රුපියල් 24,000 ක් වටිනා උසස් වර්ගයේ කුකුළෙකු සොරකම් කර මරා මිතුරන් සමඟ බයිට් එකට අරන්

අකුරණ කුරුගොඩ ප්‍රදේශයේ නිවසක ඇති කළ රුපියල් 24,000 ක් වටිනා උසස් වර්ගයේ කුකුළෙකු සොරකම් කර  මස් කර මිතුරන් සමඟ පැවැත්වූ මත්පැන් සාදයකදී බයිට් එකට ගත් බව කියන සැකකරුවකු  අලවතුගොඩ පොලිසිය මගින් අද 02 වනදා අත් අඩංගුවට ගෙන තිබේ.

අකුරණ කුරුගොඩ ප්‍රදේශයේ පදිංචි පුදගලයෙකු අද 02 වනදා උදේවරුවේ  සිදු කරනු ලැබූ පැමිණිල්ලක් අනුව අලවතුගොඩ පොලීසිය පරීක්ෂණ කටයුතු සිදු  කර තිබේ.

රුපියල් 24,000 ක් වටිනා පැරට්නොක්ස්  යනුවෙන් හඳුන් වන උසස් වර්ගයට  අයත්  මෙම කුකුළා පෙරේදා 30 වනදා සිට නිවසට නොපැමිණි බවට පැමිණිලිකරු අද 02 වනදා කළ පැමිණිල්ලේ සඳහන් විය. මෙම කුකුළා දිනපතා වත්තේ ඇවිද ආහාර ලබා ගෙන  සවස් වන විට කූඩුවට පැමණිම සිරිතක්  වුවද 30 වනදා සිට  සවස එසේ  නොපැමිණි බවත් ඊයේ(01) මුළු දවසම කුකුළා සොයා බැලූ නමුත් හමු  නොවු නිසා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පැමිණිලිකරු ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන්  පරීක්ෂණ  පැවැත්වූ පොලීසිය කුරුගොඩ ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු සැක පිට අත් අඩංගුවට ගෙන විමර්ශණය කිරමේදී   මෙම කුකුළු සොරකම අනාවරණය වී තිබේ. මොහු මෙම කුකුළා සොරකම් කර කැලෑ බද ප්‍රදේශයකට රැගෙන ගොස් මරා මස් කර මාතලේ ප්‍රදේශයට රැගෙන ගොස්  මිතුරන් සමඟ මත්පැන් සාදයක් පවත්වා බයිට් එකට ගෙන ඇති බව අනාවරණ්ය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු හෙට 03 වනදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!