Gossip

රුපියල් 10කට හෙල්මට් පරිස්සම් කරලා වවුනියාවේ කරගෙන යන අලුත්ම බිස්නස් එක මෙන්න

වවුනියාව මහ රෝහලට ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) රැගෙන යාම තහනම් කිරීමත් සමග රෝහල අවට ඇති වෙළඳසැල්වලින් එම හිස්වැසුම් ආරක්ෂා කිරීමේ ව්‍යාපාර රැසක් බිහිවී ඇති බවට අපට දැනගන්නට ලැබුණා.

ඒ වෙනුවෙන් අදාළ වෙළඳසැල් හිමියන් එම හෙල්මට් ආරක්ෂා කොට අයිතිකරුගෙන් රුපියල් 10ක මුදලක් ගන්නා බවයි වාර්තා වන්නේ.

වවුනියාව මහ රෝහලට දිනකට විශාල පිරිසක් පැමිණෙන නිසා හෙල්මට් ආරක්ෂා කිරීමේ පිරිස් දිනකට විශාල මුදලක් උපයා ගන්නා බවටද වාර්තා වනවා.

මේ අතර මෙම රෝහලට පැමිණෙන පිරිස් පවසන්නේ හෙල්මට් ගලවා ඒවා යතුරු පැදියේම තබා ගියහොත් නැවත එන විට හෙල්මට් අතුරුදහන් වී ඇති බවයි. මෙම ක්‍රියාව අදාළ වෙළඳසැල් හිමියන් විසින්ම සිදු කරන බවයි ඔවුන් පවසා ඇත්තේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!