Gossip

රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් මත්වූ 21 හැවිරිදි තරුණියව ගෙදරට ඇරලවනවා කියලා කරපු අපරාධය සීසීටීවී කැමරාවේ සටහන් වෙයි

21 හැවිරිදි තරුණියක් තරුණයින් සිව්දෙනෙකු විසින් දූෂණය කර ඝාතනය කර තිබෙනවා.

මේ සිද්ධිය වාර්තා වන්නේ තායිලන්තයේ – චාන්තබුරි ප්‍රදේශයේදීයි.

සිය මිතුරන් පිරිසක් සමඟ පසුගිය සෙනසුරාදා රාත්‍රි සමාජ ශාලාවකට ගොස් ඇති අදාල තරුණිය එහිදී එදින පැවති චැම්පියන්ස් ලීග් අවසන් මහා තරඟය නරඹා තිබෙනවා.

මෙහිදී ඇය අධික ලෙස මත්පැන් පානය කර ඇති අතර මත්වූ තරුණිය නිවසට ඇරලවන බවට පැවසූ තරුණයින් සිව්දෙනා ඇයව ඔසවාගෙන සමාජ ශාලාවෙන් පිටතට පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව අධික ලෙස බීමත්ව සිටි තරුණිය රැගෙන ගොස් දූෂණය කර මරා දමා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් මේ තරුණිය සමාජශාලාවෙන් පිටතට ඔසවාගෙන එන අයුරු ඒ අසල තිබූ සීසීටීවී කැමරාවල සටහන් වී තිබෙනවා.

ඝාතනයට ලක්වූ තරුණියගේ සිරුර එරට පොලිසිය විසින් සොයාගෙන ඇති අතර අපරාධය සිදුකළ සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!