Gossip

රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ටීවී දෙරණ සම්මාන රැසකින් පිදුම් ලබයි – වීඩියෝ

2018 රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී ටීවි දෙරණ සම්මාන රැසක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

රයිගම් ටෙලි සම්මාන උළෙල නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ඊයේ පැවැත්වුණා..

ඒ අනුව, මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම රූපවාහිනී නාලිකාව සඳහා වන සම්මානය ටීවී දෙරණ සහ සිරස ටීවී ආයතන දෙක විසින් හිමිකරගත්තා.

වසරේ හොදම ප්‍රවෘත්ති සපයන්නාට හිමි සම්මානයද අද දෙරණ දිනාගත්තේ 2018 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වැඩිම සම්මාන දෙරණ සතු කරගනිමින්.

ටීවි දෙරණ ඔස්සේ විකාශය වු “අධිරජ ධර්මාශෝක” නාට්‍ය හොඳම හඬ කැවීම සඳහා වු ටීවි දෙරණ ඔස්සේ විකාශය වු “අධිරජ ධර්මාශෝක” නාට්‍ය හොඳම හඬ කැවීම සඳහා වු සම්මානය දිනා ගැනීමට සමත් විය.

අද දෙරණ ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් කළිඳු කරුණාරත්න 2018 වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදකයා සම්මානය හිමි කරගත්තා.

360 දේශපාලන වැඩසටහන ඉදිරිපත් කරන ඩිල්කා සමන්මලී, ජූරියේ විශේෂ කුසලතා සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

වසරේ ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය ටීවී දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රවීන් කනිශ්ක විසින් හිමිකරගත්තා.

වසරේ ජනප්‍රියතම නිළියට හිමි සම්මානය ද දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ නයනතාරා වික්‍රමආරච්චි විසින් හිමිකරගෙන තිබෙනවා.

රූපවාහිනි කේෂත්‍රයේ කුසලතා දැක්වු විශිෂ්ටතයින් රැසක් රයිගම් ටෙලි සම්මාන උළලේ දී පිදුම් ලැබුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!