Gossip

රතිඤ්ඤයක් දල්වා 7 හැවිරිදි සිසුවාගේ මුහුණට දාලා තුවල ලැබූ සිසුවා රත්නපුර රෝහලේ…

නිවිතිගල අංක දෙක වතුයායේ හත් හැවිරිදි පාසල් සිසුවකුගේ මුහුණට රතිඤ්ඤයක් දල්වා විසිකිරීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා රත්නපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබයි. තම පවුල සමග අමනාපයෙන් පසුවෙන පුද්ගලයකු පළිගැනීමක් ලෙස තම දරුවාට මෙලෙස තුවාල සිදු කර ඇතැයි දෙමාපියෝ පවසති.

නිවිතිගල වතුපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු තුවාල ලද සිසුවා රත්නපුර ශික්ෂණ රෝහලට මාරු කර තිබේ. පසුගිය 18 වැනිදා මෙම සිද්ධිය වුවත් සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි තුවාල ලද සිසුවාගේ දෙමාපියෝ පවසති. රතිඤ්ඤා කරල දල්වා හත් හැවිරිදි දරුවාගේ මුහුණට වීසි කළ පුද්ගලයා තුවාල ලැබූ දරුවාත් ඔහු සමග සිටි තවත් දරුවකුත් විසින් හඳුනා ගනු ලැබූ බවත් ඔහු අසල්වාසියකු බවත් සැකකරු ගැන නිවිතිගල පොලිසියට පැමිණිලි කර ඇති බවත් දරුවාගේ දෙමාපියෝ පවසති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!