Gossip

“රට බරපතල තත්ත්වයකට.. PCR යන්ත්‍ර ගැනත් ගැටලුවක්.. ” – යුද හමුදාපතිවරයාගේ අනතුරු ඇඟවීම

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ නව රසායනාගාරයේ පී.සී.ආර්. යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වනවා.
පී.සී.ආර්. වාර්තා ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් ඇඳිරිනීතිය පැනවීම ඇතුළු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමේ ක්‍රමයද ක්‍රියාත්මක කිරීමට තීන්දු ගැනීමේ බරපතළ ගැටලුවක් මතුවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දී ඇත.
කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා කොවිඩ් මධ්‍යස්ථාන ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 250ක් වටිනා පී.සී.ආර්. යන්ත්‍රයක් ඉකුත් මැයි මාසයේ මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත කළද එය මේ වන විට දින හයක් තිස්සේ අක්‍රියව පවතින බව අනාවරණය වේ.
මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කඩිනම් පියවර ගෙන පැය 48ක් ඇතුළත මීට අවශ්‍ය පියවර ගන්නා ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත. මෙම පී.සී.ආර්. යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට චීන සමාගමේ නියෝජිතයන් මෙරටට ගෙන්වීමට සිදුවන බව හෙළිවී තිබේ. මේ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද දැනුම් දීමට කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
මේ අතර දිවුලපිටිය හා කටාන යන ප්‍රදේශවල ඉකුත් 23 වැනිදා කළ පී.සී.ආර්. පරීක්ෂණ පන්සියයක පමණ ප්‍රතිඵල ඊයේ (28 වැනිදා) වනතුරුත් ලැබී නොතිබූ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සඳහන් කළා.
ඊට පෙර කළ පී.සී.ආර්. පරීක්ෂණ සියයක ප්‍රතිඵල අනුව තිස් දෙනකු වයිරසය ආසාදිතයන් බවට තහවුරු වූ බවත් මෙම තත්ත්වය යටතේ පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!