Gossip

රටම බලා සිටි දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත් හිමිකර ගත් හැටි – වීඩියෝ

දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් කිරුළ තනුර මධුගීත් විසින් ඊයේ හිමිකරගත්තා.

තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග විසින්ද දිනාගත්තා.

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් අවසාන මහා තරගය මීට සුළු වේලාවකට පෙර කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වුණා.

ඊයේ (09) පැවැති අවසන් මහා තරගය සඳහා තරගකරුවන් තිදෙනෙක් සුදුසුකම් ලබා සිටියා.

අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රිෂාදි රණතුංග, රවීන් තාරුක, තනුර මධුගීත් යන තරගකරුවන් අතරින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා ලෙස තනුර මධුගීත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමිකර ගැනීමට සමත්වුණා.

මෙවරත් ලක්ෂ සංඛ්‍යාත තරගකරුවන් පිරිසක් අතරින් විනිශ්චය මණ්ඩලයේ සහ ප්‍රේක්ෂක මනාප මත ජයග්‍රාහකයන් තීරණය කෙරුණා.

රූපවාහිනි රියලිටි තරග ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල් හිමිකර දෙමින් අතුරුගිරිය අරියානා රිසෝට් එපාට්මන්ට්හි රුපියල් මිලියන 15ක් පමණ වටිනා නිවසක් ඇතුළු තවත් ත්‍යාගය රාශියක් පිරිනැමීම එහිදී සිදුවුණා.

ජයග්‍රහකයන්ට කුසලාන සමඟ මූල්‍යමය සහ මූල්‍යමය නොවන ත්‍යාග රැසක් ද ලබා දෙනු ලැබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!