Gossip

යූ ටියුබ් අවකාශය වෙනුවෙන්ම කරළියට එන සංගීත ලෝකයේ අලුත්ම පෙරළිය – වීඩියෝ

මියුරුතම තනුවකට විශ්වයම සුවපත් කළ හැකි බවලෝකයම පිළිගත් ගීවත් සත්‍යයකි. තාලයට යුග යුග ගෙවා ආ පරම්පරාගත, තාලයෙන් සුවපත් කිරීමේ ගුණයට හිමිකම් කියමින් දැන් “ශ්‍රැති” මියැසි පිරිවර ඔබේ සවන් මානයට පැමිණ සිටී.

සිය සත්සරලාභී පිය උරුමයෙන් හෙවත් ප්‍රවීණ ගායක කීර්ති පැසකුවල්ගේ පුත් කසුන් පැස්කුවෙල් සහ ප්‍රවීණ වාදක මහින්ද බණ්ඩාරගේ පුත් තිසර බණ්ඩාර පෙරටු තරුණ සංධිවනියේ ශ්‍රැති සංගීත කණ්ඩායම ඔබ සැමගේ හද පතුලේ නිදන්ව පවතින ගී රසයට සර්ව සාධාරණ තාලයක් ලබාදෙනු නොඅනුමානය.

ශ්‍රැති සංගීත කණ්ඩායමේ සාමාජිකයන්

රිදම් ගිටාර් වාදනයෙන් සහ හඬ මුසුවෙන් – කසුන් පැස්කුවල්
වයලීන, ගිටාර් වාදනයෙන් සහ හඬ මුසුවෙන් – තිසර බණ්ඩාර
ගිටාර්, බැනජෝ සහ මැන්ඩලීන් වාදනයෙන් – දිල්රුක් සමරදිවාකර
සැක්සෆෝන් වාදනයෙන් සහ හඬ මුසුවෙන් – එෂාන් ද සිල්වා
කීබෝඩ් සහ පියානෝ වාදනයෙන් – දිල්ෂාන් සේනාරත්න
තාල වාදනයෙන් – ශම්මික මොහොට්ටි
ඩම්ස් වාදනයෙන් – ශිරන්ත අබේරත්න
බේස් ගිටාර් වාදනයෙන් සහ හඬ මුසුවෙන් – ඩිලන් ජයලත්

එමෙන්ම “ශ්‍රැති” කණ්ඩායම නැවුම් You Tube සංගීතමය වැඩසටහන් පෙළක් දැනටමත් ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇත.

සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායන ශිල්පීන් හා එක්ව පෙළගැසෙන මෙම වැඩසටහන සඳහා නිල අනුග්‍රහය දායකත්වය ලබාදෙන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුම් ලත් ශබ්ද උපකරණ සන්නාමයන් වන “BOSE” සහ “Seidles” ආයතන මගිනි. සෑම සිකුරාදා දිනකම ශ්‍රැති You Tube චැනලය ඔස්සේ නව සංගීතයෙන් හැඬ වුණු ගීතයක් නැරඹීමට ඔබට අවකාශ හිමි වේ.
ඒ සඳහා ශ්‍රැති You Tube චැනලය Subscribe කර ගත හැක.
ඔබ මෙතෙක් ඇසූ ගී රස රසට විදින්න. සංගීතය උදෙසා නොව ජිවිතය අදෙසාම හදවතට ළං කරගන්න. දැන් ඔබට ශ්‍රැතියෙන් පිට නොයන්න. ශ්‍රැති හා එක්වන්න..

Shruthi YouTube Channel :youtube.com/c/shruthiband

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!