Gossip

යන අයට යන්න දුන්නා – ඒ අය ජීවිතේ සතුට සොයාගෙන ගියේ – උදාරි කෞෂල්‍යා

උදාරි කෞෂල්‍යා කියන්නේ කවුරුත් දන්න රංගන ශිල්පිණියක්. ඉතින් ආදරය කරලා ක්ෂේත්‍රයේම කෙනෙක් එක්ක විවාහ වුණු උදාරි ඒ විවාහයෙන් වෙන් වෙලා කියලා කතාවක් පැතිරෙනවා. මේ ඒ ගැන වගේම ඇයගේ අලුත් ජිවිතේ ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.

මොනවද අලුත් තොරතුරු?
මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න වැඩ කටයුතු කරගෙන යනවා. කාලයක් තිස්සේ මට ආසාවක් තිබුණා මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න.

ව්‍යාපාරයත් එක්ක රංගනයෙන් ඉවත්වෙනවද?
රංගනයෙන් ඉවත්වෙන්න අදහසක් නැහැ. පුද්ගලික හේතුවක් නිසා පසුගිය දිනවල ලැබුණු ආරාධනා භාරගන්න බැරිවුණා. මේ අවුරුද්දේ අලුත් ආරම්භයක් නිසා හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා.

මෙය හවුල් ව්‍යාපාරයක්ද?
මගේම තමයි. හවු‍ලේ කරන දෙයක් ‍නෙවෙයි. මගේ තාත්තා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නිසා ඔහුගේ සහායත් මට තියෙනවා.

ඔබ රංගනයට එකතුවුණේ පුංචි තිරයෙන් සිනමාවට සම්බන්ධවෙන්න ආරාධනා ලැබුණේ නැද්ද?
මම විදේශගතවෙන්න කලින් නම් අරාධනා ලබුණා. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොනවද හිතෙන්නේ?<
සමබරව තියෙනවා. බැඳීම් කියන්නේ දුකක්. ආදරෙන් ළංකරගත්ත හැම දෙයක්ම අන්තිමට දුකක්. යන අයට යන්න දුන්නා. ඒ අය ජීවිතේ සතුට සොයාගෙන ගියේ.

ජීවිතේ මගහැරුණු දේවල් ගැන උදාරි පසුතැවෙනවද?
පසුතැවෙන්නේ නැහැ. කාලයත් එක්ක දුක වේදනාව දරාගන්න හුරුවුණා. මම හිතනවා මම අනාගතයට මුහුණදෙන්න ශක්තිමත් කියලා.

අද ආදරය ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් අය අපේ ජීවිතයට ආදරය අරන් එන්නේ තාවකාලික සතුටක් දීලා දීර්ඝ කාලීන දුකක් දීලා ඈත් වෙලා යන්න. බැඳීම කියන දේ ගත්තහම අන්තිමට දුකක්.

උදාරිගේ ඉදිරි සැලසුම් මොනවගේද?
කාටවත් කරදරයක් නැතුව හොඳින් ජීවත්වෙන්න බලා‍පොරොත්තුව.

උදාරි රංගනය හැරුණු කොට ජීවිතේ සතුටුවෙන වෙනත් දේවල් මොනවද?
නර්තනයට ගායනයට ගොඩක් කැමතියි. ඉඩ ලැබුණු වෙලාවල්වල සිංදු කියන්න වගේම රසවිඳින්න කැමතියි.

ගායනයෙන් ඉස්සරහට යන්න අදහසක් නැද්ද?
දැනට නම් එහෙම අදහසක් නැහැ. ඉස්සරහට බලමු.

උදාරිගේ ජීවිතේ සතුට තියෙන්නේ වෘත්තිය ජීවිතයේ සාර්ථකත්වය මතද?
නැහැ. වෘත්තිය නෙමේ. අධ්‍යාත්මික පැත්තෙන් තමයි මගේ ජීවිතේ සතුට තියෙන්නේ.

උදාරි වැඩිපුර කාලය ගතකරන්න කැමති කොහෙද?
අම්මයි, තාත්තයි, මල්ලියි එක්්ක තමයි වැඩිපුර ඉන්න කැමති.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!