Gossip

“මේ අසරණ කෙල්ලට කොයි තරම්නම් දුකක් වේදනාවක් දැනෙනවා ඇතිද..” – විවාහය පෙනි පෙනී ඉරණම්කාරිය අතැර හපුතලේ ගුවන් අනතුරින් අවසන් ගමන ගිය හමුදා විරුවා

ගුවන් හමුදාවට අයත් වයි -12 වර්ගයේ ගුවන් යානයක් හපුතලේ – තම්බපිල්ල ප්‍රදේශයට කඩා වැටී වටිනා ජීවිත 4 ක් රටට අහිමිවුණා.
මෙම අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුණේ යානයේ ගමන්ගත් ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ නිරීක්ෂකයින් දෙදෙනෙක්.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මෙම සැහැල්ලු ගුවන් යානය ගුවන්ගතව තිබුණේ, හම්බන්තොට, වීරවිල ගුවන් හමුදා කඳවුරෙන්.
මෙම අනතුරින් මියගිය බලගන නායක ඩබ්ලිව්.ඒ.ඒම්.බි.එන්.බි. වීරබැද්ද මහනුවර හන්දාවල පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඒ වගේම ගුවන් සැරයන් එස්.ජි.ටි කුමාරද ජිවිතක්ෂයට පත්වු අතර ඔහු පදිංචිව සිටියේ තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේයි.
මෙම ගුවන් අනතුරෙන් අවසන් ගමන් ගිය නායක ගුවන් භට එන්.එල්.ඩ් හෙට්ටිආරච්චිගේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.
තවද ගම්පොළ හන්දියාදෙණිය ප්‍රදේශයේ පදිංචි බලපන්ති ලුතිනන් කේ.එම්.ඩී.එල්.කුලතුංගද අනතුරෙන් ජිවිතක්ෂයට පත්වුණා.
ඔහු මේ වසරේ මැයි මස විවාහ වීමට සුදානමින් සිට තිබෙනවා.
නොසිතූ මොහොතක සිදුවූ මේ ඛේදජනක ඉරණම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහන් පලවී තිබුණා.

එලෙස පලවූ සටහනක් මෙලෙසින්..

තවත් එක් ආදර කතාවක් එසේ නිමාවිය..
ඉරණම කියන්නේ ගොඩක් දරුණු දෙයක්, අපි කොච්චර ඒක වෙනස් කරන්න හැදුවත් ඒක කරන්න බැරි දෙයක්. කතාවකටත් කියනවනේ මනුස්සයෙක් ජීවත් වෙන්නේ තමන් ගෙනාව ආයුෂ ඉවර වෙනකල් විතරයි කියලා. ඉති ඔහුගේ ආයුශත් අවුරුදු 31 තරම් කෙටි වෙන්න ඇති. ඉතින් ඔහු ඇයව හුදකලා කර අවාසනාවන්ත ලෙස මේ ලෝකෙන් නික්ම ගියා. හුග කාලයක් ආදරය කරලා එළඹෙන මාර්තු මාසයේ විවාහය පෙනි පෙනී තියෙද්දි තමන් පන වගේ ආදරේ කරපු ජීවිත ඉරණම්කාරයා ඒ විදියට අවසන් ගමන් ගියා කිව්වම මේ අසරණ කෙල්ලට කොයි තරම් නම් දුකක් වේදනාවක් දැනෙනවා ඇතිද, ඉතින් කියන්න තියෙන්නේ එක දෙයයි කිසිම දවසක නැවතත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. මතු ඉපදෙනා බවයේදී ඔවුන් දෙදෙනා යලි එක් වේවා.. නිවන් සුව ලංකා සහෝදරයා.. ඔබ වීරයෙක්…

හපුතලේදි සිදුවූ ගුවන් යානා අනතුරින් මිය ගිය ගුවන් නියමු ලංකා කුලතුංග මහතා ඇතුළු අනෙකුත් සියලු නිලදාරීන්ට නිවන් සුව!!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!