Gossip

මෙරටට මුලින්ම ඔමික්‍රෝන් ගෙනා කාන්තාවට අධිකරණය දුන් නියෝගය

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත බවට මෙරටදී පළමුවරට හඳුනා ගත්තේ මාරවිල ප්‍රදේශයේ කාන්තාවකි.

පසුව ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබුණා.

ඒ බව සෞඛ්‍ය අංශ වෙත නොදැන්වීමේ වෝදනාව මත අධිකරණය ඔවුන්ට දඩ මුදලක් නියම කර තිබෙනවා.

කොවිඩ් ආසාදිත බව නොදැන්වීමේ චෝදනාවට පසුගිය 5වනදා මෙම පුද්ගලයින්ට එරෙහිව මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නඩුවක් පවරා තිබුණා.

එම නඩුව එදිනම අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත්තේ මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට රුපියක් 12,000ක දඩ මුදලක් ගෙවන ලෙසය.

අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා අප්‍රිකානු රටක් වන නයිජර්හි සංචාරයක නිරතවී පසුගිය නොවැම්බර් මස 24වනදා මෙරටට පැමිණි අතර එහිදී ඇයට කොවිඩ් ආසාදිත වූ බව තහවුරු වී තිබුණා.

පසුව අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබා නිවසට ගියද ඔවුන්ට කොවිඩ් ආසාදිතවූ බවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී තිබුණේ නැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!