Gossip

“මෙච්චර ඉක්මනට මාව දාලා යාවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ” – චූලක්ෂි රණතුංග

චූලක්ෂි රණතුංග කියන්නේ මේ දවස්වල ජනප්‍රිය රංගන ශිල්පිණියක්.

ඉතින් ඇය ගෙවුණු අවුරුද්ද ගැන කියා තිබුණේ මේ වගේ කතාවක්.

මේ ගෙවන අවුරුද්ද මම හරියට රුල්ලක අහුවුණා වගෙයි දැනෙන්නේ. මගේ ජීවිතේ ලොකු කඩාවැටීමකට මුහුණ දීපු අවුරුද්දක්. මගේ තාත්තා මට නැතිවුණේ මේ ගෙවන අවුරුද්දේදීයි. මෙච්චර ඉක්මනට මාව දාලා යාවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මගේ තාත්තා මේ අවුරුද්දේ මාර්තු පහළොස්වැනිදා තමයි නැතිවුණේ.

අසනීප තත්ත්වයේ හිටියත් මම බලාපොරොත්තු නොවුණු වෙලාවක තමයි මගේ තාත්තා නැතිවුණේ. ඒ නැතිවීමත් එක්ක මගේ හිත ගොඩක් කඩා වැටුණා. ඒ නිසා ඒ මතකයත් එක්ක අවුරුද්දේ ජීවිතේ අමතක නොවුණු මතකයක් රාශියක් මේ සිදුවුණා. ඉතින් ඒ මතකයත් එක්ක තමයි එළඹෙන වසර මට පිළිගන්න සිද්ධ වෙන්නේ. එළඹෙන අවුරුද්දේදී බලාපොරොත්තු කිහිපයක්ම මගේ හිතේ තියෙනවා. චිත්‍රපට කිහිපයකටම දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුත් එක්ක තමයි මේ අවුරුද්ද බාර ගන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!