Gossip

මුළු පවුලම කසිප්පු පෙරනවලු.. කටේ තියෙන්නෙම කුණුහරුපමලු ..වෙන්නප්පුව ටවුන් එකේ පොලිසියට පාට් දාපු ප්‍රාදේශීය මන්ත්‍රීවරියගේ කැරැට්ටුව මෙන්න – Exclusive

වෙනන්නප්පුව පොලිසියට ලොකු සද්දයක් දාලා හිරේ ලගින්න වුණු මන්ත්‍රීවරියක් ගැන මේ ටිකේම සැරටම කතාවෙනවා.
මේ විදියට පොලිසියට සද්දෙ දලා වැඩ වරද්දගන තියෙන්නෙ වයස අවුරුදු 21 ක් වු තුම්මෝදර ලිපිනයේ පදිංචි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරියක් වන දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු හා ඇගේ සහෝදරිය වන වයස අවුරුදු 16 ක් වු නිමාෂා නවාන්ජලී ප්‍රනාන්දුයි.

මන්ත්‍රීවරියගේ සහෝදරිය යතුරු පැදිය අධික වේගයෙන් ධාවනය කර තිබෙන අතර ඇයව පොලිස් නිලධාරීන් විසින් නවත්වා ලියකියවිලි ඉල්ලු අවස්ථාවේ ඇය ළඟ කිසිදු ලියකියවිල්ලක් තිබිලා නැහැ. ඇය ඒ වෙලාවේ තමන්ගේ මන්ත්‍රි සහෝදරියව සහ පියව එම ස්ථානයට ගෙන්වාගන තිබෙනවා. ඒ වෙලේ තමයි මන්ත්‍රීවරිය වන දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු පොලීසියට ලොකු සද්දයක් දලා තියෙන්නේ. ඇය පොලිස් රාජකාරියට බාධා කරමින් බැන වදින ආකාරය එම ස්ථානයේ හිටපු එක පොලිස් නිලධාරයෙක් වීඩියෝ කර තිබෙනවා.
කොහොම නමුත් පොලිස් නිලධාරීන් ඇයව සහ සහෝදරියව අධිකරණයට ඉදිරිපත් කර 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මේ සිදුවීම නිසා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරියක් වන දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු ගැන සැහෙන්න කතාබහට ලක්වෙනවා. ඒ වගේම ඇයගේ සම්පූර්ණ කැරුට්ටුව එලියට එන්න පටන් අරන් තියෙනවා. මව, පියා සහ සහෝදරියන් 3නෙකුගෙන් යුතු පවුලේ දෙවෙනිය තමයි මේ මන්ත්‍රීවරිය. මුළු පවුලම දන්න කාලේ ඉදන් කසිප්පු පෙරනවලු.අම්මගෙයි තාත්තගෙයි රුකියාව කසිප්පු පෙරන එක කියලා තමයි වාර්තා වුණේ.

මේ පවුල් පසුබිම එක්ක මෙයා කොහොමද දේශපාලනේට ආවේ කියලා හොයලා බැලුවාම අපට වාර්තා වුණේ සිරිගම්පොල ආසන සන්විදායකයට ඔින විදියටලු මෙයාව පක්ෂයට මන්ත්‍රිවරියක් විදියට අරන් තියෙන්නේ.
දේශපාලනික වශයෙන් කිසිම දෙයක් සමාජය වෙනුවෙනුවත් කා වෙනුවෙන්වත් කරලා නෑ කියලා තමයි දැනගන්න ලැබුණේ. මේ මන්ත්‍රිවරියගෙ නිවසට සැරින් සැරේ පොලිසිය හොර කසිප්පු අල්ලන්න පැනපු වෙලාවල්වලත් ඇය මේ විදියට කුණුහරුප කියාගන කිසිම චාරයක් නැතිව හැසිරිලා තියෙනවා. පොලිසිය ගිය කිසිම වෙලාවක පොලිසියට හොර කසිප්පු හොයාගන්න බැරිවෙලා අපහු හැරිලා එන්න සිද්ධවෙලා තියෙනවා.

පක්ෂයේ මන්ත්‍රීවරු වුණත් ඇයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. මොකද ඇගේ හැසිරීම ඒ තරමටම හොඳම නෑලු. ඒ නිසා ඇය සමග මන්ත්‍රිවරු තරහයිලු.

ඇය පොලිස් රාජකාරියට බධාකරමින් කළහකාරී ලෙස හැසිරුනු වීඩියෝව මෙන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!