Gossip

“මුහුදෙන් ආපු හය දෙනෙක් කොවිඩ් ආසාදිතයන් වෙලා.” – කොරෝනා දෙවන රැල්ලේ ඇරඹුම විදෙස් රටක්ද..?

මෙරට කොරෝනා දෙවන රැල්ලේ මුල විදේශ රටක් විය හැකි බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කරනවා.

මේ පිළිබඳව විස්තර කරමින් යුද හමුදාපතිවරයා මෙසේ ප‍්‍රකාශ කර තිබිණි.

‘‘කන්දකාඩු කොවිඩ් සම්බන්ධතාවේ අවසාන සොයා ගැනීම තිබුණේ අගෝස්තු මාසයේ.
ඒ අනුව මෙරට සමාජය තුළ කොවිඩ් තිබුණේ නෑ. කොළඹ ප‍්‍රදේශය ගත්තත් සමාජයෙන් ආපු අවසාන පුද්ගලයා හිටියේ අපේ‍්‍රල් මාසේ 30 වැනිදා. විදේශ රටවලින් ලංකාවට පිරිස පැමිණියා. මුහුදු කටයුතු සම්බන්ධයෙන් විදේශ රටවලින් ආපු 06 දෙනෙක් පෙරේදා දිනයේදීත් කොවිඞ් ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා. ඒ අනුව බැලූවාම යම්කිසි ආකාරයක සොයා ගැනීම් අපි කරලා තියෙනවා. නමුත් අවසන් වශයෙන් ස්ථීර වෙනකම් කියන්න හැකියාවක් නැති තත්ත්වයක් තියෙන්නේ.’’

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!